Menu
RSS
වෙදුන් වැඩ වරයි

වෙදුන් වැඩ වරයි

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ...

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

ඔස්ට්‍රේලියාවේ අගමැති මැල...

වාර්ගික ශුද්ධයක්

වාර්ගික ශුද්ධයක්

රෝහින්ග්‍යා මුස්ලිම්ප්‍රජ...

2025 ණයෙන් නිදහස්

2025 ණයෙන් නිදහස්

 2025වන විට ශ්‍රී ලං...

පොලිතින් තහනම සක්‍රීයයි

පොලිතින් තහනම සක්‍රීයයි

පසුගියදා පනවන ලද පොලිතින්...

මග්සෙයිසේ ශ්‍රී ලංකාවට

මග්සෙයිසේ ශ්‍රී ලංකාවට

 පිලිපීනයේ ‘‘රමෝන් ම...

ක්‍රීඩකයින්ට නිවාස

ක්‍රීඩකයින්ට නිවාස

සැමට සෙවණ - විසිරි නිවාස ...

ක්‍රීඩකයින්ට නිවාස

ක්‍රීඩකයින්ට නිවාස

සැමට සෙවණ - විසිරි නිවාස ...

ක්‍රීඩාලෝලීන්ට තහනමක්

ක්‍රීඩාලෝලීන්ට තහනමක්

ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව ...

Prev Next

770

Disrupt Asia 2017

Disrupt Asia 2017

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසාය සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයවන Disrupt Asia, මෙරට නව ව්‍යවසාය ක්ෂේත්‍රය සඳහා නව මානයන් රැසක් නිර්මාණය කරමින් සාර්ථකව නිමාවට පත්වෙයි.

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසින් මෙම සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබීය.  කීර්තිමත් දෙස්-විදෙස් දේශකයන්, සම්පත් දායකයන් 52 දෙනෙකුගේ සහ 350කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්විණි. ප්‍රධාන දේශන, අන්තර්-ක්‍රියාකාරී වැඩමුළු, වේග අධීක්ෂණ සහ නව ව්‍යවසාය හරහා ජනමත නායකයන්, ව්‍යවසායකයන්, ආයෝජකයන් සහ ප්‍රමුඛ පෙළේ ප්‍රජා සාමාජිකයන් ඇතුළු විවිධ පාර්ශ්ව නියෝජනය කරන විශාල පිරිසක් මිට සහභාගී විය. "අප සිටින්නේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අතිශය වැදගත් කාල පරිඡේදයකයි. ශ්‍රී ලංකාව ව්‍යවසාය ක්ෂේත්‍රයේ බලවතෙකු බවට පත් කිරීම සඳහා අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි" මෙහිදී ප්‍රධාන දේශනය සිදු කළ ශ්‍රේණි ව්‍යවසායකයෙකු මෙන්ම ගෝලීය ව්‍යාපාරික විශේෂඥයෙකු ද වන ෂෙරිල් එඩිසන් සඳහන් කළාය. ඇමරිකානු නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක්වන එතුමිය, නිල ගෙවීම් ක්‍රමවේදයක් නොමැති වීම නිසා දේශීය ව්‍යවසාය අංශය අභියෝගයකට මුහුණ පා ඇති බවය. "එය මෙරට ව්‍යවසායකයන්ට තනිව ජයගත හැකි අභියෝගයක් නොවේ. එබැවින් අප සියලු දෙනා එක්ව මෙරට සෑම පුද්ගලයෙකුට ම මුදල් සංසරණය කළ හැකි සහ තමන්ට මෙන්ම තමන්ගේ ප්‍රජාවට ද එක සේ ප්‍රතිලාභ සලසන ව්‍යාපාරයක් ගොඩනගා ගත හැකි ලෙස ඔවුන් සවිබල ගැන්විය හැකි ගෙවීම් ක්‍රමවේදයක් සකස් කළ යුතුය"පස්වරු සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වූ CustomSpace හවුල්කාර සහ Carbon70 Holdings සමාගමේ ප්‍රධානී කෙවින් පෙට්‍රොවික් මහතා සඳහන් කළේ පාරිභෝගිකයන් සඳහා අගය වැඩිදියුණු කිරීමේ අදහස තමන් ආරම්භ කළ සෑම ව්‍යාපාරයක ම ආරම්භක සංකල්පය වූ බවය. "මිනිස්සුන්ට ඇත්තටම අවශ්‍ය දෙයක් නිර්මාණය කරන්න. ඔබට හොඳ අදහසක් නොමැති නම් තවත් කෙනෙකුගේ අදහසක් අනුගමනය කරන්න ඕනෑම කෙනෙකුට නැගී සිටීම සඳහා උපකාර අවශ්‍යයි. ඒ නිසා තවත් කෙනෙකුගෙන් උපකාර ඉල්ලීමට මැලි නොවන්න. ඔබගේ ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති, ඒ පිළිබඳ කැමැත්තක් දක්වන සහ උපකාර කිරීමට ඉදිරිපත්වන පිරිස සොයා ගැනීමට උත්සාහ කරන්න. එය සාර්ථක නව ව්‍යවසායක් ඉදිරියට ගමන් කිරීමේ ශක්තිමත් බලවේගයක් ලෙස කටයුතු කරනවා" CustomSpace හවුල්කාර සහ Carbon70 Holdings සමාගමේ ප්‍රධානී කෙවින් පෙට්‍රොවික් අවධාරණය කළේය.

 

 

back to top