Menu
RSS
වෙදුන් වැඩ වරයි

වෙදුන් වැඩ වරයි

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ...

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

ඔස්ට්‍රේලියාවේ අගමැති මැල...

වාර්ගික ශුද්ධයක්

වාර්ගික ශුද්ධයක්

රෝහින්ග්‍යා මුස්ලිම්ප්‍රජ...

2025 ණයෙන් නිදහස්

2025 ණයෙන් නිදහස්

 2025වන විට ශ්‍රී ලං...

පොලිතින් තහනම සක්‍රීයයි

පොලිතින් තහනම සක්‍රීයයි

පසුගියදා පනවන ලද පොලිතින්...

මග්සෙයිසේ ශ්‍රී ලංකාවට

මග්සෙයිසේ ශ්‍රී ලංකාවට

 පිලිපීනයේ ‘‘රමෝන් ම...

ක්‍රීඩකයින්ට නිවාස

ක්‍රීඩකයින්ට නිවාස

සැමට සෙවණ - විසිරි නිවාස ...

ක්‍රීඩකයින්ට නිවාස

ක්‍රීඩකයින්ට නිවාස

සැමට සෙවණ - විසිරි නිවාස ...

ක්‍රීඩාලෝලීන්ට තහනමක්

ක්‍රීඩාලෝලීන්ට තහනමක්

ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව ...

Prev Next

770

නිළි සෙමිණී තම නිර්දෝෂි බව කියයි Featured

නිළි සෙමිණී තම නිර්දෝෂි බව කියයි

සුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙක් වන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර සමඟ සම්බන්ධතා පවත්වා තිබෙන බවට සමහර වෙබ් අඩවි සහ සමාජ ජාල වෙබ් අඩවිවල ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව නිළි සෙමිණී ඉද්දමල්ගොඩ ප්‍රකාශ කරයි.

ඇය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තමා හා තවත් ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකු එක් කරගනිමින් වෙලේ සුදා කියන පුද්ගලයෙකු සම්බන්ධ කර ගෙන මඩ ප්‍රහාරයක් ගෙන ගොස් තිබෙන බවයි.

එවැනි ප්‍රචාරයක් ගෙන යාම මුළුමනින්ම පදනම් විරහිතව ගෙන යන කතාවක් බව පෙන්වා දෙන සෙමිණී මෙවැනි ප්‍රචාර ගෙන යන පුද්ලගයා කුමන හෝ අසනීපයකින් පෙළෙන කෙනෙකු බව ද පෙන්වා දෙයි.

ඇය වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. "මේ කතා අපේ ජීවිතවලට පැහැදිලිව බලපානවා. මොක ද මත්ද්‍රව්‍ය වගේ ජාවාරමක් කියන්නේ මුළු සමාජය ම පිළිකුල් කරන දෙයක්. ඊට අපි වගේ කිසිම සම්බන්ධකමක් නැති චරිත කිහිපයක් ඔවුන් විසින් පාවිච්චි කර තිබෙනවා. ඒ එක්කම මා විශ්වාස කරනවා මේ සිද්ධියට සෘජුවම සම්බන්ධ පුද්ගලයින්ගේ ඒ කණ්ඩායමේ ක්‍රියාවක් බව අපි දැන් විශ්වාස කරනවා. අපි හොයාගෙන යනවා. අපි ඒ සම්බන්ධ තොරතුරු දැනටමත් ලැබී තිබෙනවා. මේකට විරුද්ධව මමත් ලෝචනා ඉමාෂා සහෝදරියත් සී.අයි.ඩී.එකට complaint කරලා තියෙනවා. අපි හිතවනවා අපිට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා"

සෙමිණී මෙවැනි මඩ ප්‍රචාරය හේතුවෙන් තමාට සහ තම සහෝදර නිළියගේ පෞද්ගලික ජීවිතයට ද සිදු වන බලපෑම සම්බන්ධයෙන් මෙලෙස විස්තර කරයි.

"මම ගැහැණු දරුවෙක්  ඉන්නා අම්මා කෙනෙක්. ලෝචනා කියන්නේ ළඟදී විවාහ වෙන්න ඉන්න තරුණ ගැහැණු ළමයෙක්. මේක අපේ ජීවිතවලට ලොකු බලපෑමක් එකතු කරනවා. මගේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කතා විශ්වාස නොකරන ලෙසට සහ ඉදිරියේදී මේවා ට අපි සම්බන්ධ නෑ කියලා අපි පැහැදිලිව ඔප්පු කරනවා." 

Semini's reply for fake rumor spreading in Facebook and in few gossip news websites that she has been money transporting for WELE SUDHA with another 5 actresses.

Media

Semini's reply for fake rumor
back to top