Menu
RSS
වෙදුන් වැඩ වරයි

වෙදුන් වැඩ වරයි

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ...

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

ඔස්ට්‍රේලියාවේ අගමැති මැල...

වාර්ගික ශුද්ධයක්

වාර්ගික ශුද්ධයක්

රෝහින්ග්‍යා මුස්ලිම්ප්‍රජ...

2025 ණයෙන් නිදහස්

2025 ණයෙන් නිදහස්

 2025වන විට ශ්‍රී ලං...

පොලිතින් තහනම සක්‍රීයයි

පොලිතින් තහනම සක්‍රීයයි

පසුගියදා පනවන ලද පොලිතින්...

මග්සෙයිසේ ශ්‍රී ලංකාවට

මග්සෙයිසේ ශ්‍රී ලංකාවට

 පිලිපීනයේ ‘‘රමෝන් ම...

ක්‍රීඩකයින්ට නිවාස

ක්‍රීඩකයින්ට නිවාස

සැමට සෙවණ - විසිරි නිවාස ...

ක්‍රීඩකයින්ට නිවාස

ක්‍රීඩකයින්ට නිවාස

සැමට සෙවණ - විසිරි නිවාස ...

ක්‍රීඩාලෝලීන්ට තහනමක්

ක්‍රීඩාලෝලීන්ට තහනමක්

ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව ...

Prev Next

770

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

ඔස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු දේශපාලන නායකයෝ සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා සහයෝගය පළකරති.

 ඔස්ට්‍රේලියානු විවාහ නීතිය සංශෝධනය කරන ලෙස ඉල්ලමින් 20,000කට අධික පිරිසක් සිඩ්නි නුවරට රැස්වී සිටියහ. කිසිවෙකු බලාපොරොත්තු නොවූ අවස්ථාවක අගමැති මැල්කම් ටර්න්බුල් ජනතාව ඉදිරියට පැමිණ, සමලිංගික විවාහය නීතිගත කිරීමට තම සහයෝගය ලැබෙන බවට ප්‍රකාශයක් කළේය. අනතුරුව ඊට සහයෝගය පළ කරමින් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක බිල් ශෝටන් ද රැළිය අමතා තිබේ. ඒ අනුව සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසා බැලෙන සමීක්ෂණ ඡන්ද පත්‍රිකාවක් ජනතාව අතර බෙදා හැරීම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තැපැල් ඡන්දයේ ප්‍රතිඵලය මගින් සමලිංගික විවාහය නීතිගත කිරීමට නීත්‍යනුකුල බලයක් නොලැබෙන අතර එය කිසිදු බැඳීමකට යටත් නොවේ. නමුත් බහුතර ජනතාව ඊට කැමැත්ත පළකර ඇත්නම් ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් සිදුකිරීමට මග පෑදෙනු ඇත."මේ වනවිට රටවල් 23ක් සමලිංගික විවාහය නීතිගත කර තිබෙනවා, ඒ එක රටක හරි මේ වෙනකොට අහස කඩා වැටිලා තියෙනවද? ජීවිත ඇනහිට තිබෙනවද? සාම්ප්‍රදායික විවාහය අනතුරට පත්වෙලා තියෙනවද? 'නැත' කියන එක තමයි පිළිතුර." යැයි රැළිය අමතමින්  අගමැති ටර්න්බුල් කියා සිටියේය.

back to top