Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

ලාභ ගන්න හවුලක්

ලාභ ගන්න හවුලක්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට යයි. මේ සම්බන්ධයෙන් කැබනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශයට පත්කොට ඇත.

"වර්තමානයේ අලාභ ලබමින් පවත්වා ගෙන යනු ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 2016 දෙසැම්බර් 31 දින වන විට සමුච්චිත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 112.9ක් (රුපියල් මිලියන 15,600ක්) වේ. මේ තත්ත්වය යටතේ එම ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු අලාභ ලබමින් තවදුරටත් පවත්වාගෙන යාම රජයට විශාල වැය බරක් වේ. එබැවින් මෙම ගුවන්තොටුපළ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ඉහළ ආදායම් ලබන ගුවන්තොටුපළක් බවට පත් කිරීමේ අරමුණින් එම ගුවන්තොටුපළෙහි ගුවන් සේවා හා සම්බන්ධ ව්‍යාපාර සදහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබ තිබේ. නමුත් ගුවන්තොටුපළෙහි සමස්ත මෙහෙයුම්, කළමනාකරණය හා නඩත්තුව ආවරණය වන යෝජනා කිසිවක් එහිදී ඉදිරිපත් වී නොමැත. මේ අතර මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වාණිජ ගුවන් සේවා, ගුවන් යානා නඩත්තුව, අලුත්වැඩියාව, පියාසර පාසල් පමණක් නොව එහි මෙහෙයුම්, කළමනාකරණය, නඩත්තුව හා සංවර්ධනය යන අංශ කෙරෙහිද අවධානය යොමු කරමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස ඉන්දියානු රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම යෝජනා සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ, අමාත්‍යාංශ ලේකම්වරුන්‍ කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී" යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

back to top