Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

2025 ණයබර අවසන්

2025 ණයබර අවසන්

වත්මන් යහපාලන ආණ්ඩුව ගෙන යන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය නිසා 2025 වන විට මේ රටේ ණය බර සම්පූර්ණයෙන්ම නිමා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. 

මේ රටේ පවතින ණය බර ඊළඟ පරම්පරාවට ගෙවීමට කිසිදු ලෙස ඉඩ නොතබන බවත් 2025 දී ණය බරෙන් නිදහස්වීමට අදාළ ආර්ථික කළමනාකරණයේ පදනම යහපාලන ආණ්ඩුව තබා අවසන් බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.  ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශවලට ලබාදුන් සහනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා කොටපොළ සමුපකාරයේ දී පැවැති උත්සවයකට සහභාගී වෙමින් හෙතෙම මේ බව පවසා ඇත.  2015 දී ආණ්ඩුව ලබා ගන්නා විට රටේ ණයවල පොලියවත් ගෙවීමට හැකියාව නොතිබූ බවත් ආර්ථික කළමනාකරණය නිවැරැදිව කළ නිසා ආපදාවක දී මුහුණදීමට තරම් මුදල් සොයා ගැනීමට හැකි වූ බවත් පවසා තිබේ.  පසුගිය කාලයේ ප්‍රාදේශීය ලේකම්වරු මුදල් ඉල්ලූවිට රාජ්‍ය නායකයන් මුදල් නොමැති බව කීවත් දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එවන මුදල්වලින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් තිබෙන බවත් අගමැතිවරයා අනාවරණය කළේය. "අපි මාතර දිස්ත්‍රික්කයේ ජල ගැල්මෙන් වුණ හානියත්, ජනතාවට සහනාධාර ලබාදුන් ආකාරය හා යටිතල පහසුකම් සංවර්ධනය කරන ආකාරයත් සමාලෝචනය කළා. සමහර කාරණා නිමා කරමින් තිබෙනවා. තවත් සමහර කාරණාවල පරිපාලන කටයුතු කරන්නට තිබෙනවා. යටිතල පහසුකම් දියුණු කිරීමට පරිපාලන අංශයේ තිබෙන අඩුපාඩු සොයාබලා විසඳුම් ලබාදිය යුතුයි. මුදල් අමාත්‍යාංශයයි, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයයි මුදල් ඉල්ලන තැන සිට පහළම තැන දක්වා බැලීමට කටයුතු කරනවා. සැප්තැම්බර් වන විට මේ සියලු ව්‍යාපෘති ආරම්භ කරනවා. සැප්තැම්බර් වන විට මුදල් ලබාදී තිබෙන ව්‍යාපෘති අවසන් කරන්න. භාණ්ඩාගාරයේ මුදල් ලබා දුන්නට ඒවා වියදම් කර අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම නිලධාරීන්ගේ වගකීමයි. මොකද භාණ්ඩාගාරයෙන් එක විදිහට මුදල් ව්‍යාපෘති සඳහා ලැබෙන්නේ නැහැ. මේ ගංවතුර නිසා පාඩුව මිලියන 109ක්. නමුත් අපි එම විපත වෙලාවේම මිලියන 60ක් වෙන් කළා. ඉතිරි මුදල් ටිකත් අපි ලබා දෙනවා. භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙන්නේ රාජ්‍ය ආදායම් ලැබෙන විදිහටයි. පසුගිය වසරේ අරක්කු බෝතල්වලට රූපමය දැන්වීම් දාලා බිලියන 40ක ආදායමක් බලාපොරොත්තු වුණාට එය ලැබුණේ නැහැ. එය ටෙන්ඩර් කොමිටියට ගිහින් දැන් නීතිපතිවරයා ළඟට ගිහින් තිබෙනවා. එයට දැන් වසරක් ගත වෙනවා. ඉන් රුපියල් බිලියන 40ක අදායම අහිමිවෙලා තිබෙනවා. නමුත් අප ස්වභාවික ආපදාවල දී මුදල් ලබා දුන්නා. එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරීන්ගේ වගකීම" යයි අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ. 

 

back to top