Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

2025 ණයෙන් නිදහස්

2025 ණයෙන් නිදහස්

 2025වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම ණය බරින් නිදහස් රටක් බවට පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. 

වර්ෂ 2020වන විට ශ්‍රී ලංකාවේ රැකියා, ආදයම, නිවාස වැඩිවීම සිදු වන අතර ම අධ්‍යාපනයත් දියුණු වන බවද හෙතෙම පැවසිය. අරලියගහ මන්දිරයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සැමට සෙවණ විසිරි නිවාස ණය පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් හෙතෙම මේ බව පවසා අත. මෙහිදී පවුල් 1100ක් වෙනුවෙන් ණය ලබාදීම වෙනුවෙන් රුපියල් කෝටි 11ක් වැය කොට තිබුණි. පසුගිය රජයන් ආදායම් උපයාගත්තේ තෙල් මිල ඉහළ දැමීමෙන් බවත් නමුත් වත්මන් ආණ්ඩුව ලෝක වෙළෙඳපොළ් මිල ගණන්වලටම තෙල් ලබාදෙන බවත් අගමැතිවරයා පැවසීය. ආදායම් වැඩිකොට, වැටුප් වැඩිකොට, බඩු මිල අඩුකළ එකම ආණ්ඩුව වත්මන් රජය බවත් හෙතෙම මෙහිදී පෙන්වාදුනි. නිවාස හිමිකම සමාජයේ මූලික මිනිස් අයිතිවාසිකමකි. වත්මන් රජයේ නිවාස වැඩපිළිවෙළ සඳහා මේ වන විට කෝටි 2200කට අධික මුදලක් වැය කොට තිබේ. වත්මන් ආණ්ඩුව රට භාරගන්නා අවස්ථාවේ දී මෙරටට නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් නොතිබුන නමුත් එම සියලු අභියෝගයන් භාරගෙන ඊට විසඳුම් සොයාගෙන ඇති බවද  අගමැතිවරයා පැවසීය.

back to top