බදියුදීන් කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මම දන්නෙත් නෑ – අගමැති
- font size decrease font size increase font size

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා වන්නි දිස්ත්‍රික්කය මූලික කරගෙන සංවර්ධන කටයුතු රැසක් සිදු කරන බවත් රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයාට මුදල් ලැබෙන්නේ කෙසේද කියා තමන් නොදන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා අද වවුනියාවේදී ප්‍රකාශ කළේය.
රිෂාඩ් බදුර්දින් අමාත්‍යවරයාගේ ආරාධනාවෙන් උත්සව කිහිපයකටම 14 සහභාගි වූ වික්‍රමසිංහ මහතා විවෘත කිරීම් අවස්ථා කිහිපයක ද සහභාගි වූයේ ය. එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම ප්‍රදේශය මූලික කර ගෙන රිෂාඩ් බදුර්දින් අමාත්‍යවරයා විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ම ජනතා අයිතියට පත්කර ඇති බවයි.
පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවූයේ පාරවල් සෑදීම පමණක් බවත් වර්තමානයේ දී එසේ නොව සෑම අංශයකින්ම උතුර සංවර්ධනය වන බවත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදරටත් ප්‍රකාශ කළේය.
(Lanka Leads)
Latest from Dhanushika Niroshani
- සංචාරක කර්මාන්තය ප්‍රමුඛම ආදායම් මාර්ගය කරනවා
- මොබිටෙල් උපහාර වෙතින් ස්මාර්ට් ජංගම දුරකථනවලට 40% දක්වා සුවිශේෂී වට්ටම්
- දකුණු ආසියානු ක්‍රීඩා උළෙල උත්සවශ්‍රීයෙන් ඇරැඹෙයි
- හේලි චිත්‍රපටයක් නොවේ ටෙලි නාට්‍යයක්
- පැහැරගත් බව කියන නිලධාරිනියගේ ක්‍රියා කලාපය පරස්පරයි : ස්විට්සර්ලන්ත තානාපතිට රජය සාක්ෂි සහිතව පෙන්වා දෙයි