Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

මිනී මැරුම් ගැන මර්වින් සිල්වා හෙළි කරයි

මිනී මැරුම් ගැන මර්වින් සිල්වා හෙළි කරයි

පසුගිය කාලයේ සිදු වූ මිනී මැරුම් රැසකට වගකිව යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවත් ලසන්ත වික්‍රමසිංහ ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය, රාගම ලොකු සීයාගේ ඝාතනය හා සුදු වෑන් සංස්කෘතියේ නිර්මාතෘවරයා ගෝඨාභය රාජපක්ෂ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට එරෙහිව නීතීඥයෙකු සමඟ ගොස් ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඔහු මේ බව සඳහන් කළේය.

‘‘මට පහුගිය කාලේ බැසිල් රාජපක්ෂත්, ගෝඨාභය රාජපක්ෂත් කෙනිත්තුවා. දැන් මේ යන්නේ මගේ නීතිඥතුමත් එක්ක ඒ දෙන්නට විරුද්ධව පැමිණිලි කරන්න. මේ ෆයිල් එකේ තියෙනවා සියලූම දේවල්.’’යනුවෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යාමට පෙර මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

‘‘වගකීමෙන් කියන්නේ බැසිල් රාජපක්ෂ කියන මනුස්සයා රුපියල් කෝටි 600 ක් දිවි නැගුමෙන් ඇද්දා. ඊළඟට බැංකුවලට අර වෑන්වලින් අරන් යන සේප්පුව තියෙන්නේ, ඒ සේප්පුව ගෙනිහිල්ලා ප‍්‍රාදේශීය සභා, පළාත් සභා මිනිස්සුන්ට බූදලේ වගේ තමයි සල්ලි ගෙව්වේ. බැංකු කැඩුවාම හිරේ යනවා, මේ කැඩුවේ මහා භාණ්ඩාගාරය. ඩුබායිවල එයාට හෝටලයක් තියෙනවා. උඩවලවෙත් අක්කර 20 ක හෝටලයක් තියෙනවා. බැසිල් රාජපක්ෂ තමයි මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාව පක්ෂයෙන් එලෙව්වේ. ’’යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

නව ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වීමෙන් අනතුරුව එක් එක් පුද්ගයින්, දේශපාලන පක්ෂ, සංවිධාන දූෂණ අල්ලස් අපරාධ ෆයිල් දිනෙන් දින ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගොනු කර ඇත.


-වේළුසුමන

back to top