Menu
RSS
කිරි ආනයනය අසාමාන්‍ය ලෙස ඉහළට

කිරි ආනයනය අසාමාන්‍ය ලෙස ඉහළට

මෙරට දේශීය කිරි නිෂ්පාදනය...

මහින්ද පරාද උනේ පාරෙ කහ ඉරි නිසා - බැසිල්

මහින්ද පරාද උනේ පාරෙ කහ ඉරි නිසා - බැසිල්

පාර මාරුවීමේදී කහ ඉරෙන් ප...

එජාපයෙන් අලුත් සන්ධානයක්

එජාපයෙන් අලුත් සන්ධානයක්

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු ...

අගමැති ගෙන් ඇමති රන්ජන්ට අවාවද

අගමැති ගෙන් ඇමති රන්ජන්ට අවාවද

මහා සංඝරත්නය සම්බන්ධයෙන් ...

Prev Next

770

රක්නා ලංකා හා ඇවන්ට් ගාඩ් නිත්‍යානුකූලයි

රක්නා ලංකා හා ඇවන්ට් ගාඩ් නිත්‍යානුකූලයි

රක්නා ආරක්ෂක ලංකා සහ ඇවන්ට් ගාඩ් සමාගම් 2011 සිට රජයට රුපියල් මිලියන 535කට වැඩි මුදලක් බදු වශයෙන් ගෙවා තිබෙන බවත් ප්‍රතිලාභ වශයෙන් රුපියල් මිලියන 94ක් ද එම කාලය තුළ භාණ්ඩාගාරයට ගෙවා ඇති බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජවිපෙ නායක අනුරු කුමාර දිසානයක පාර්ලිමේන්තුවේදී නඟා තිබූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්ය.

ආරක්ෂක පියවරක් ලෙස ආරක්ෂක ආමාත්‍යාංශයේ අනුමැතිය මත විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්ගෙන් සමන්විතව රක්නා ආරක්ෂක ලංකා පිහිටුවා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාමුද්‍රීය සංවිධානයේ චක්‍රලේඛ එම්එස්සී1/සීඅයිආර්සී/1443ට අනුකූලව ද රක්නා ආරක්ෂක ලංකා සහ ඇවන්ට් ගාඩ් සමාගම ක්‍රියා කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

වේ්ළුසුමන

back to top