Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

හොර හරක් ජාවාරමක්

හොර හරක් ජාවාරමක්

ත්‍රීකුණාමලයේ සිට කොළඹට ගවයන් 17 දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක්  අත්අඩංගුවට ගනියි.  21 වැනිදා  උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංශයේ නිළධාරින් විසින් මෙම රථය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමග සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.  පොලිස් හදිසි ඇමතුම් අංශයේ නිළධාරින් අනුරාධපුර පූජා නගරයේ රාජකාරියේ නිරත වෙමින් සිටියදී ලොරි රථය පොලිසිය මගහැර යාමට උත්සහ දරා තිබේ. නමුත් පොලිස් නිළධාරින් ලොරි රථය පිටුපස හඹාගොස් මිරිසවැටිය චෛත්‍ය ආසන්නයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. එළගවයන් අටක් පමණ ගෙනයා හැකි ලොරි රථයේ ගවයන් 17ත් දෙනෙකු ගාල්කර සිටිම හා ගවයන් ප්‍රවාහනයට නිසි බලපත්‍ර නොමැතිවීම නිසා පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.  ඔවුන්ට ගවයන් ප්‍රවාහන කිරීම සදහා ත්‍රීකුණාමලයෙන් නිකුත්කල බලපත්‍රයේ උදෑසන හයේ සිට සවස හය දක්වා සතුන් ප්‍රවාහනයට අවසර ලබාදී තිබුණත් ත්‍රීකුණාමලයේ සිට විනාඩි 45 ක කාලයක් තුල අනුරාධපුර නගරයට ගවයන් රැගෙනාවේ කෙසේදැයි පොලිසිය ප්‍රශ්නකල අවස්ථාවේ මැදවච්චිය හල්මිල්ලකුළමෙන් ගවයන් පැටවුබව සැකකරුවන් පොලිසියට පවසා තිබුණි. එහෙත් ගවයන් අලෙවිකල පුද්ගලයෙකු නිකුත්කල කිසිදු බිල්පතක් ඔවුන් සන්තකයේ නොතිබූ බවත් ගවයන් කිසියම් ස්ථානයකින් හොරකම් කර හොර රහසේ කොළඹට ගෙන යාමට උත්සහ කලේද යන්න පිළිබදව සැකමතුවී තිබෙන බව පොලිසිය පවසයි. අත්අඩංගුවටගත් සැකකරුවන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

back to top