Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

බැංගලෝර් පිලේ හත්වැනි පරාජයට මාලිංග මුල් වෙයි

බැංගලෝර් පිලේ හත්වැනි පරාජයට මාලිංග මුල් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය ලෙසින් බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගනිමින් ලසිත් මාලිංග දක්වන ලද දක්ෂතාව පෙරමුණු කොට කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්ඩියන්ස් පිල පෙරේදා රාත්‍රියේ සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 171 ක් ලබාගත් නමුත් එම ඉලක්කය හඹා ගිය මුම්බායි ඉන්ඩියන්ස් පිතිකරුවා එම ඉලක්කය පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී රැස් කරගත්හ.

බැංගලෝර් පිල වෙනුවෙන් ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 51 කදී ලකුණු 75 ක්ද, මොයින් අලීි පන්දු 32 කදී ලකුණු 50 ක්ද ලබමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක් එක් කළද, අවසන් කඩුලු 5 ම ලකුණු 27 ක් ඇතුළත බිඳ දැමූ ලසිත් මාලිංග ප්‍රමුඛ පන්දු යවන්නන් තරගයේ වැඩි වාසි මුම්බායි ඉන්ඩියන්ස් පිල වෙත ගෙන ආහ. මෙහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු ලසිත් මාලිංග තම පන්දුවාර 4 තුළදී ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

එම ඉලක්කය හඹා යෑමේදී සාර්ථක ආරම්භයක් ලබා දුන් ඩි කොක් පන්දු 26 කදී ලකුණු 40 ක් ලබා ගත්තේය. මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි හර්දික් පාන්ඩ්‍යා පන්දු 16 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 37 ක් ලබා මුම්බායි පිලේ ජයග්‍රහණය ඉක්මන් කරවීය. අදාළ තරග පරාජය බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිල මෙවර තරගාවලියේ ලද 7 වැනි පරාජය ලෙසින් සටහන් විය.

ලකුණු සාරාංශය - බැංගලෝර් පිල පන්දුවාර 20 කදී 171/7 යි - (මොයින් අලී 50, ඩිවිලියර්ස් 75, පටෙල් 28, මාලිංග 31/4)

මුම්බායි ඉන්ඩියන්ස් පන්දුවාර 19 කදී 172/5 යි - (ඩිකොක් 40, ෂර්මා 28, යාදව් 29, කිෂාන් 21, හර්දික් (නොදැවී) 37, චහල් 27/2? අලී 18/2)

(Dinamina)

back to top