Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

මෙරට දැවැන්තම මලල ක්‍රීඩා ශූරතාවලිය මේ 16 සිට 18 දක්වා සුගතදාස පිටියේ

මෙරට දැවැන්තම මලල ක්‍රීඩා ශූරතාවලිය මේ 16 සිට 18 දක්වා සුගතදාස පිටියේ

මෙරට මලල ක්‍රීඩාවේ දැවැන්තම ක්‍රීඩා ශූරතාවලිය ලෙස සැලකෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 16 සිට 18 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දෙසැම්බර් මාසයේ නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට එක් ඉසව්වකින් හොඳම එක් අයෙකු පමණක් සහභාගී කර ගන්නා බැවින් මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය දැඩි තරගකාරීත්වයක් හටගනු ඇත.

97 වැනි වරටත් පැවැත්වෙන මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය දකුණු ආසියා ක්‍රීඩා උළෙලට අවසන් තෝරා ගැනීම වේ. තෙදිනක් පුරා පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩකයන් 486ක් හා ක්‍රීඩිකාවන් 147ක් ඉදිරිපත්වී සිටිති. මේ ශූරතාවලියේ පැවැත්වෙන ඉසව්වලින් රන් පදක්කම් දිනා දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉන්දියාවේ හෝ භූතානයේ මාසයක පමණ පුහුණුවක් ලබාදීමට අදහස් කොට ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ප්‍රේමා පින්නවල මහතා පැවැසීය. දිනා දකුණු ආසියා ක්‍රීඩා උළෙල පැවැත්වෙන නේපාලයේ දේශගුණයට බොහෝ සෙයින් සමාන තත්ත්වයක් යටතේ මේ දීර්ඝ පුහුණු සැසිය පවත්වන බව ද පින්නවල මහතා සඳහන් කළේය.

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට ප්‍රධාන අනුග්‍රාහකයකු නොමැති හෙයින් ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයෙන් අමෙරිකානු ඩොලර් 5000ක ආධාර මුදලක් ලැබීම ද විශේෂතවයකි. ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති දහලාන් අල් හමාඩ් මහතාගේ සහයෝගය මත මේ ප්‍රදානය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ලැබී ඇත.

වසර 2009 සිට ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට එක්වන දකුණු ආසියා රන් පදක්කම් දිනාගත් උස පැනීමේ ශූර මංජුල කුමාර මෙවර සහභාගී නොවන අතර ඔහු ඔස්ට්‍රේලියාවේ පුහුණුවෙමින් සිටී. එහෙත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මේ ශූරතාවලිය අවසන් තේරීම් බවට ප්‍රකාශ කිරීමෙන් ඔහුට දකුණු ආසියා ක්‍රීඩා උළෙල අහිමිවන තත්ත්වයක් නිර්මාණයවී තිබේ.

දෝහා කටාර්හී සැප්තැම්බර් මස 28 වැනිදා ආරම්භවන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස සමන් කුමාර මහතා පත්කර ඇති අතර මීටර් 10000 ක්‍රීඩිකා හිරුණි විජේරත්න සමග තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5ක් එම තරගාවලියට සුදුසුකම් ලබනු ඇතැයි විශ්වාසයවී තිබේ. හිරුණි විජේරත්න දැනට අමෙරිකාවේ පදිංචිවී සිටින අතර ඇය මුල්වරට ශ්‍රී ලංකාවේදී මලල ක්‍රීඩා ඉසව්වකට එක් වන්නේ මේ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදීය.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට අවශ්‍ය පරිසාධන මට්ටමට ආසන්නව නිලානී රත්නායක (මීටර් 3000 බාධක දිවීම), හිමාෂ ඒෂාන් (මීටර් 100), සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම), ජනක ප්‍රසාද් විමලසිරි (දුර පැනීම) හා ග්‍රේෂන් ධනංන්ජය (තුම් පිම්ම) සිටිති. මේ මලල ක්‍රීඩා ශූරතාවලියේ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දීය මලල ක්‍රීඩා ශූරතාවලියට එක් කිරීමට ද කටයුතු යෙදේ.

(Dinamina)

back to top