Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

මග්සෙයිසේ ශ්‍රී ලංකාවට

මග්සෙයිසේ ශ්‍රී ලංකාවට

 පිලිපීනයේ ‘‘රමෝන් මැග්සයිසේ’’සම්මානය මෙවර ශ‍්‍රී ලාංකිකයෙකුට ද පිරි නැමීමට තීරණය කෙරෙයි.  මෙය ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකේ. සමාජ ක්‍රියාකාරිනියක වන  ජී.ෂන්මුගම්ට මෙම සම්මානය පිරිනැමීමට නියමිතව ඇත.

යුද්ධයෙන් සහ විවිධ ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ ජීවිත යළි නගා සිටවීම වෙනුවෙන් ඇය සිදු කළ විශිෂ්ඨ කැප කිරීම අගය කරමින් මෙම සම්මානය පිරි නැමීමට තීරණය කර තිබේ. වසර 40 කට අධික කාලයක් ඇය ශ‍්‍රී ලංකාව තුළ මෙම කටයුත්තෙහි නිරත විය. ඇයගේ විශේෂිත ඉලක්ක ගත කණ්ඩායම බවට පත් වූයේ පීඩාවට පත්වූ කාන්තාවන්ට සහ ළමුන්ට පිහිට වීමය. සම්මානය ලබා ගැනීම සඳහා ජී.ෂන්මුගම් මේ වන විට පිලිපීනය බලා ගොස් තිබේ. මීට පෙර 1958 දී මේරී රත්නම් එම සම්මානයෙන් පිදුම් ලැබූ අතර 1959 වසරේ දී ද ටාර්සි විට්ටච්චිට ද මෙම සම්මානය හිමි විය. ඒ. ටී. ආරියරත්න 1969 දී හා ජෝෂප් ෆර්ඩිනැන්ඩස් සහෝදරතුමන් 1976 දී ද එල්. ටී. පී. මංජු ශ‍්‍රී 1979 දී ද මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලැබීය. මර්සිලින් ජයකොඩි පියතුමන් 1983 දී මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අතර එදිරිවීර සරත්චන්ද්‍රයන්ට ද 1988 දී මෙම සම්මානය හිමි විය. පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් 2001 දී මැගසයිසේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2008 දී ආනන්ද ගලප්පත්ති එම සම්මානයෙන් පිදුම් ලැබීය. මැග්සයිසේ සම්මානය ශ‍්‍රී ලාංකික කාන්තාවකට හිමිවන දෙවන අවස්ථාව මෙයයි. ඇයට අමතරව පිලිපීන ජාතික කාන්තාවකට ද මෙවර එම සම්මානය හිමි වේ. එමෙන්ම ඉන්දුනීසියානු, ජපාන හා සිංගප්පූරු ජාතිකයින් තිදෙනෙකුට ද පිලිපීනයේ ක‍්‍රියාත්මක සංවිධානයකට ද මෙවර සම්මානය පිරිනැමීමට නියමිතය.

back to top