Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

පොලිතින් තහනම සක්‍රීයයි

පොලිතින් තහනම සක්‍රීයයි

පසුගියදා පනවන ලද පොලිතින්ල තහනම සැප්තැම්බර්න්ච් පළවැනිදා සිට ක්‍රියාත්මක වෙයි. ලන්ච් ෂීට්, සිලි බෑග්, රිජිෆෝම් ආහාර පෙට්ටි හා ග්‍රොසරි කවර නිෂ්පාදනය, අලෙවිය හා භාවිතය  මෙමගින් තහනම් කෙරෙන  බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි පැවැසීය.

 සියලුම ජාතික, ආගමික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලන ඇතුළු සියලු උත්සවවල දී සැරසිලි සඳහා පොලිතීන් භාවිතය තහනම්ය. මේ සඳහා වන නීතිමය ප්‍රතිපාදන කෙටුම්පත අදාළ නිලධාරීන් විසින් සකස් කර ඇතැයි සභාපතිවරයා පවසයි. ජාතික පාරිසරික පනතෙහි ප්‍රතිපාදනවලට අනුව 2006 ඔක්තෝම්බර් මස 10 වැනි දින නිකුත් කර ඇති අංක 1466/5 සමාන හෝ අඩු ඝනකමින් යුක්තව පොලිතීන් දේශීය භාවිතය, නිෂ්පාදනය, විකිණීම තහනම් කරන ලද රෙගුලාසිය ද තවදුරටත් බලපවත්වන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. මේ සඳහා භාවිතයට ගත හැකි දිරන සුළු ලන්ච් ෂීට් ආදිය හඳුන්වාදීමට ද ඇතැම් සමාගම් මේ වන විට ඉදිරිපත්ව සිටී. ලන්ච් ෂීට් සඳහා විකල්පයක් වශයෙන් කෙසෙල් කොළ, නෙළුම් කොළ, කැන්ද කොළ හා කොළපත් භාවිතයට ගත හැකි අතර සිලි බෑග් වෙනුවට රෙදි, පන් බෑග් ප්‍රයෝජනයට ගත හැකිය. මේ තහනම් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්ට එම යන්ත්‍ර පරිසර හිතකාමී ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට හැකි ලෙසට සකස් කර ගත හැකිය. ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය  ජන සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන අනිසි ලෙස භාවිතය, බැහැර කිරීම හා පිළිස්සීම නිසා සමාජයීය, පාරිසරික, සෞඛ්‍යමය හා ආර්ථිකමය ගැටලු රාශියකට මුහුණදීමට සිදුව තිබේ. මෙයට විසැඳුමක් ලෙස මේ නොදිරන ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගැනිණි. 

back to top