Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (16) අළුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් පුද්ගල ජීවිත 14 ක් අහිමි වී ඇතැයි රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කෙළේය.

ඉකුත් 13 වැනිදා සිට මේ දක්වා සිදු වූ අනතුරුවලින් 30 දෙනෙක් මිය ගොස් ඇතැයිද ඔහු පැවැසීය. එසේම පුද්ගලයින්ට තුවාල පමණක් ගෙන දුන් රිය අනතුරු 200 ක් පමණ මේ කාලය තුළ සිදුව ඇතැයි ද අජිත් රෝහණ මහතා සඳහන් කෙළේය. මේ තත්ත්වය බලාපෙරොත්තු නොවූ ආකාරයේ වැඩි වීමක් බවද ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය 11 වැනිදා සිට ඊයේ (16) පෙරවරුව දක්වා ගතවූ කාලය තුළ බීමත් රියැදුරන් 1000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් විවිධ රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 30000 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කැර ඇති බවත් අජිත් රෝහණ මහතා සඳහන් කෙළේය.

(Dinamina)

back to top