Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේදී අද (17) පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අගමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් මෙම හිසතෙල් ගෑමේ මහෝත්සවය සිදු කෙරේ. අද උදෑසන 7.40 ට හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම උත්සවය සංවිධානය කෙරෙන අතර විහාරාධිපති කළුතර රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝනායක හල්වතුරේ අස්සජි හිමියෝ මෙහි ආගමිකවතාවත් සිදු කරති.

අද (17) දා හිසතෙල් ගෑමේ චාරිත්‍රය පූර්ව භාග 07.40 ට නැඟෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත් ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කරන්නැයි සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර වල සඳහන් වේ.

(Dinamina)

back to top