ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධාන සාකච්ඡා යළිත් ලබන සතියේ සිට - මහින්ද
- font size decrease font size increase font size

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය බිහිකිරීම සඳහා වන සාකච්ඡා ලබන සතියේ සිට යළිත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ (11) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට පක්ෂයක් ලෙස ශ්රීලනිපය සහභාගී නොවූවත් තම සුබපැතුම් ඊට එක්කරන බවයි ඒ මහතා සඳහන් කළේ.
පොහොට්ටුව සමඟ ඉදිරි සන්ධාන සාකච්ඡා තුළදී ඉදිරි මැතිවරණ සඳහා එක්ව තරගවැදීමේ සැලසුම් පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිත බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලු වාමාංශික බලවේග එකතු කරගෙන නව පෙරමුණක් නිර්මාණය කිරීම තමන්ගේ අරමුණ බවත් ඒ මහතා අවධාරණය කළේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (11) අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
(LNW)
Latest from Dhanushika Niroshani
- සංචාරක කර්මාන්තය ප්‍රමුඛම ආදායම් මාර්ගය කරනවා
- මොබිටෙල් උපහාර වෙතින් ස්මාර්ට් ජංගම දුරකථනවලට 40% දක්වා සුවිශේෂී වට්ටම්
- දකුණු ආසියානු ක්‍රීඩා උළෙල උත්සවශ්‍රීයෙන් ඇරැඹෙයි
- හේලි චිත්‍රපටයක් නොවේ ටෙලි නාට්‍යයක්
- පැහැරගත් බව කියන නිලධාරිනියගේ ක්‍රියා කලාපය පරස්පරයි : ස්විට්සර්ලන්ත තානාපතිට රජය සාක්ෂි සහිතව පෙන්වා දෙයි