Logo
Print this page

සරසවි කරා යන සිසුන්ගෙන් 20%ක් අධ්‍යාපනය අතරමඟ නවතා දමනවා

සරසවි කරා යන සිසුන්ගෙන් 20%ක් අධ්‍යාපනය අතරමඟ නවතා දමනවා

* ඒ 10%-12% නවකවදය ඉවසා ගන්න නොහැකි වෙලා
* තාරුණ්‍යයට එහෙම අමානුෂික වද හිංසා දෙන තිරිසන් සිතුවිලි ඇතිවීම කනගාටුවක්

විශ්වවිද්‍යාල කරා ඇතුළු වන සිසුන්ගෙන් සියයට විස්සක් එම අධ්‍යාපනය අතරමඟ නවතා පැමිණෙන්නේයැයිද එලෙස පැමිණෙන අයගෙන් 10% - 12% නවකවදය ඉවසා ගැනීමට නොහැකිව පැමිණෙන අය වන්නේයැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තම සම වයසේ පිරිස්වලට මිත්‍රශීලීත්වය ,සෙනෙහස දැක්විය යුතු වටිනා තාරුණ්‍යයට එලෙස අමානුෂික වද හිංසා දෙන තිරිසන් සිතුවිලි ඇතිවීම කනගාටුවක් බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.

"ස්මාර්ට් ශ්‍රී ලංකා" වෘත්තීය මාර්ගෝපදේශන ජාතික වැඩසටහන ඊයේ (15) පැවති අතර එහිදී මහනුවර දිස්ත්‍රික් මධ්‍යස්ථානය විවෘත කිරීමද සිදුවිය. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

කටුගස්තොට යටිවාවල ප්‍රදේශයේදී මෙය ඉදි කෙරුණු අතර ඉන් අනතුරුව එයට සම්බන්ධ තරුණ තරුණියන් හා නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මහනුවර දිගන ගෘහස්ත ක්‍රීඩාංගණ ශාලාවේදී මේ උත්සවය පැවැති අතර ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී ස්මාර්ට් ශ්‍රී ලංකා වගකීම් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙත භාරදීමද මෙහිදී සිදුවිය.

විශ්වවිද්‍යාලයට ඇතුඵ වන එක් කොටසක් මෙවැනි අමානුෂික තත්ත්වයට පත්වීම ඛේදනීය බවත් ඔවුන් ගමන් කර ඇත්තේ කුමන දිශාවකටද යන්න දැඩි විමසිල්ලෙන් තේරුම්ගත යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී කීය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

මේ වැඩසටහන මා වෙනුවෙන් හෝ මෙහි සිටින රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් නොවේ.මේ වැඩසටහන තරුණ ඔබ වෙනුවෙනි.මේ රටේ අද ජනගහණය ලක්ෂ දෙසිය විස්සක් විතර ඉන්නවා.ඉන් අවරුදු 16 -35 වයසේ තරුණ දරුවන් ලක්ෂ හැත්තෑ පහකට ආසන්න පිරිසක් ඉන්නවා ඔවුන් මේ රටේ අධ්‍යාපනයේ ,වෘත්තීය අධ්‍යාපනයේ නිපුණතා සංවර්ධනයේ විවිධ ක්ෂේත්‍ර හරහා බෙදී ගොස් තිබෙනවා.නව තාක්ෂණයත් සමඟ ඉතා වැදගත් වන්නේ ලෝකයේ වඩාත් සංවර්ධන විෂය ක්ෂේත්‍රයක් වූ නවෝත්පාදන ආර්ථිකයයි.නව උත්පාදනවලින් ගොඩනැඟෙන ආර්ථිකය නව නිෂ්පාදන ආර්ථිකයයි.ඒ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන්න අද දියුණු සංවර්ධනය වූ රටවල්වල විශේෂයෙන් පාවිච්චි වන්නේ එකට බද්ධ වූ අධි තාක්ෂණය හා යෞවනත්වයයි.තාරුණ්‍යයේ තිබෙන ක්‍රියාකාරිත්වය ,කඩිසර බව, අවංකකම, පිළිගැනීම, කාර්යක්ෂමභාවය,කැපවීම මෙහිදී වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ මිනිසෙකුගේ ආයු කාලය රජයේ සෞඛ්‍ය දත්ත තොරතුරු අනූව කාන්තාවක් අවරුදු හැත්තෑ හතක් විතරද පිරිමියෙක් අවුරුදු හැත්තෑ දෙකක් විතරද වේ. නමුත් අදත් අපේ රටේ වයස අවරුදු සියය ඉක්මවූ වාසනාවන්ත වැඩිහිටි පිරිසක් ජීවත් වෙනවා.වයස අවරුදු අසූවක් අනූවක් යන වැඩිහිටි පිරිසක් ඉන්නවා.අපි ගත්තොත් කෙනෙකුගේ අායු කාලය අවුරුදු හැත්තෑ පහක්නම් ජීවිතයේ වාසනාවන්තම කාලය තරුණ ඔබේ කාලයයි.යෞවනත්වය,තාරුණ්‍යය ජීවිතයේ වාසනාවන්තම කාලය මේ කාලය අවරුදු හැත්තෑ පහක් ජීවත්වන අයෙකුට කොතරම් කාලයක් තාරුණ්‍යය ලැබෙනවාද?අවුරුද 16-17 වෙනකම් ළමා වයස අවුරුදු 35 න් එහා මැදිවියයි.ඒ නිසා මෙය ජීවිතයේ භාග්‍යවන්තම කාලයයි.මැදිවිය හා වැඩිහිටිවිය ජීවිතයේ වැඩිම කාලයයි.අවුරුදු හැත්තෑ පහක් ජීවත්වන අයෙකුට ඒ වාසනාවන්ත කාලය අවරුදු 19ක් විතරයි තිබෙන්නේ.ස්මාර්ට් ශ්‍රී ලංකා අපි හැදුවේ ඒ තාරුණ්‍ය වෙනුවෙන්.

තරුණ ඔබට ජීවිතයේ නොයෙක් ප්‍රශ්න ඇති අධ්‍යපනය ලැබීමේදී,යම් යම් ප්‍රශ්න ,ආර්ථික ප්‍රශ්න,මවුපියන්ගේ පවුල් ජීවිතවල ප්‍රශ්න පවුල් සංස්ථාවේ නොයෙකුත් ප්‍රශ්න ඒ අයට ඇති.නමුත් ඒ සියල්ලම තුළින් තමයි ඔබ ගොඩනැඟෙන්නේ.ඔබ අධිතාක්ෂණයත් සමඟ නව සිතුම් පැතුම් ,නව ආකල්ප,අදහස් සමඟ ඔබ බලාපොරොත්තු වන සමාජයේ, පුළුල් වෙනස්කම් එක්ක ඔබ වේගයෙන් ඉදිරියට යනවා.මම මගේ ජීවිතයේ ලබා තිබෙන්නේ මහා කටුක අත්දැකීම්.ඔබ බොහෝ විට මගේ ජීවිත කතාව මාධ්‍යවලින් පොතපතේ කියවලා ඇති.නමුත් අද මම මේ දරුවන් එහි යම් යම් දේවල් මතක් කරනවා .මගේ ජීවිතයේ මං කොතරම් දුෂ්කරතා විදලා තියනවාද කියා.අවරුදු දහ නවයේදී මං පාසලේ උසස්පෙළ හදාරන කොට තමයි 71 කැරැල්ල ඇති වුණේ.එදා ජනතා විමුක්ති පෙරමුණ නොවෙයි එදා තිබුණේ. චේගුවේරා.චේගුවේරා ව්‍යාපාරයට අබ පියල්ලක සම්බන්ධයක් නැතිව පාසලේ දඟකාර ශිෂ්‍යයෙක් විදිහට,කවුරුත් එක්ක ගැටුම් ඇති කර ගන්නා ශිෂ්‍යයෙක් විදිහට මං එක්තරා විදිහට කලබලකාරි අයෙක් නිසා මගේ විදුහල්පතිතුමා 71 කැරැල්ලේ චේගුවේරාකාරයෙක් කියලා පොලීසියට කීවා.එදා මගේ මුඵ ඇඟම ලේවලින් තෙත් වුණා.දෙන්න තියන වද ඔක්කොම එදා දුන්නා.මගේ ජීවිතය අවසන් කියලා මං එදා හිතුවා.නමුත් ලේවලින් තෙත් වුණු මගේ ඇඳුම් එක්ක මට දෙන්න තියන වද සියල්ල දීලා හිර ගෙදර කඵවර කාමරේ මං එදා දැම්මා. ඒ මාස තුනට පසු අවරුදු එකහමාරක් මං හිර ගෙදර කාමරයක් ඇතුළේ හිටියේ.ලංකාවේ තිබුණු දරුණුම හිර ගෙදරක් වන මඩකලපුවේ හිර ගෙදර තමයි මං හිටියේ. එය ඉතාම දුෂ්කරයි. 71 කැරුල්ලට සම්බන්ධයි කියලා අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ ,එමෙන්ම අම්පාර,මඩකළපුව,පොළොන්නරු දිස්ත්‍රික්කවල ගුරුවරු ,නීතිඥයන්,ඉංජිනේරුවරුන්,තරුණ වෛද්‍යවරු හැමකෙනෙක්ම ඒ හිරගෙදර හිටියා.ඒ හිරගෙදර ඉන්න කාලයේ මං කියවපු තරම් පොත් ආයේ කියෙව්වේ නෑ.මම 71 අප්‍රේල් මාසයේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී උසස් පෙළ ලියන්න සිටිය මම අත් දෙකේ මාංචු දාගෙන ලේ පෙරාගෙන අම්පාර උහන මහා විද්‍යාලයේදී උසස් පෙළ ලිව්වා.පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී උසස් පෙළ ලියන්න හිටපු මම අන්න ඒ ආකාරයටයි 72 අප්‍රේල්වල උසස්පෙළ ලිව්වේ.ජීවිතය ගොඩනගාගත්තේ ඒකයි.මට එදා එහි අපරාධකරුවන් සමඟ ,පාතාලය සමඟ එක්වන්න තිබුණා.නමුත් මගේ ජීවිතයේ මා අද සතුටු වෙනවා.එදා එහි සිටි අය එක් පැත්තකින් සාමාන්‍ය පෙළ කරන අය.උසස් පෙළ කරන අය රැකියා නැති උපාධිධාරීන් නීතිඥ,වෛද්‍ය,ඉංජිනේරු ඔක්කොම එහි සිටියා.මේ අය එක් එක් විෂයන් ඔස්සේ ඉගැන්නුවා. ඒ අත්දැකීම් ඔස්සේ අපි නැගිට්ටා. එදා ඔබේ වයසේදී රැකියා ඉල්ලුම්පත් කීයක් අරන් දේශපාලඥයන් ළඟට ගියාද? 70 - 77 කාලයේ පොළොන්නරුව මන්ත්‍රී ලෙස හිටියේ රත්න දේශප්‍රිය නියෝජ්‍ය අමාත්‍යවරයා.එදා එම නියෝජ්‍ය අමාත්‍යවරයා ළඟට වරින් වර රැකියා ඉල්ලුම් පත්‍ර තුනක් යොමු කළා.මම රක්ෂාවක් නැතිව වගා කළා.සත්ව පාලනය කළා ,කුකුල් කොටු දැම්මා.මිරිස් හැදුවා ,කුඹුරු කෙරුවා,ඒ සියල්ල කරන ගමන් අවස්ථා ගණනාවක රැකියා කරන්නත් ලැබුණා.සමූපකාර ක්ෂේත්‍රයේ රැකියා දෙකක් කළා.රාජ්‍ය සේවයේ පුංචිම රැකියාවත් කළා.ඒ සියල්ල ජීවිතයේ ඉරණම් හා දෛවයත් එක්ක සියලු දේට අායුබෝවන් කියලා මං දේශපාලනයට ආවා.

ස්මාර්ට් ශ්‍රී ලංකා අද ඔබ සම්බන්ධ කරන්නේ අධි තාක්ෂණයත් එක්ක ඔබේ අතේ තියන ජංගම දුරකථනයත් එක්ක. ඒක ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමටයි. රටේ ජනතාවගේ සේවකයන් විදිහට මට අවශ්‍ය වන්නේ ඔබේ ජීවිතය ස්මාර්ට් කර ගන්න වැඩපිළිවෙළ සකසන්න.ඒ ජීවිතය ස්මාර්ට් කරන්නයි මේ මඟ පෙන්වීම කරන්නේ.ඒ සඳහා තමයි තරුණ ඔබ එකතුවිය යුත්තේ.ප්‍රධාන වශයෙන් තිබිය යුත්තේ ආත්ම ශක්තිය,ආත්ම ධෛ‍ර්යය, අධිෂ්ඨාන ශීලීබාවය, කැපවීම,අවංකකම ආදිය තමයි තරුණ ඔබට ජීවිතය ගොඩනඟා ගැනීමට තිබෙන ප්‍රබල බලවේග වෙලා තිබෙන්නේ.

ඔබ ඒ තුළට තමයි එක්විය යුතු වන්නේ.නමුත් අද විවිධ ක්ෂේත්‍ර ගත්විට අපි සතුටු වන දේ මෙන්ම අසතුටු වන දේ කොතරම් තිබේද.මම අද ගෙදර ඉදලා උදේ එන ගමන් මට කියවන්න ෆයිල් එකක් තිබුණා.ඒ ෆයිල් එකේ තිබුණු තොරතුරු කියවන ගමන් ඡායාරූප විශාල ප්‍රමාණයක් බලන්න තිබුණා.මෙතැන තරුණ දරුවන් ඉන්න නිසා ඒ ඡායාරූප පෙන්වන්නත් මට හිත තිබුණා.ඒත් මං කල්පනා කළා මේ කැමරා ඉස්සරහ ඒවා ඇයි පෙන්වන්නේ කියා.විශ්වවිද්‍යාල කිහිපයකම ඉතා අමානුෂික විදිහට දෙන නවකවද පිළිබඳ ඡායාරූප මෙන්ම ඒ නවක වදවලට ලක්වුණු දරුවන් මට එවූ ලිපි එහි තිබුණා.නිරුවත් කර දෙන්න පුළුවන් ඉහළම වද දෙන ඡායාරූප එහි තිබුණා.ඇයි මේ කැමරා ඉස්සරහා ඒ ඡායාරූප පෙන්වන්නේ කියා ඒවා මං ආයේ කාර් එකේ දාලා අාවා.ඒ දරුවන් ඔබ වගේම ඔබේම තාරුණ්‍යයේ අය නේද?ඒ ඔවුන් කුමන දිශාවකටද ලක්ව තිබෙන්නේ. අපි බලාපොරොත්තු වන ස්මාර්ට් තාරුණ්‍යය,ස්මාර්ට් ශ්‍රී ලංකාව,ස්මාර්ට් ජීවිතය කුමක්ද මෙහි තිබෙන අභියෝගය .තරුණ දරුවන් අවබෝධ කර ගත යුතුයි.ස්මාර්ට් මිනිහෙක් කියන්නේ ආදරය,කරුණාව ,දයාව,සෙනහස,මනුස්සකම තිබෙන ජීවිතය හඳුනාගත් කෙනෙක්.එය තාරුණ්‍යයට නැත්නම් එය අවාසනාවක්.

රටෙහි අපරාධ,පාතාල ස්ත්‍රී දූෂණ ළමා අපචාර මේ සියල්ල එක්ක විශේෂයෙන් සමාජය අපි තේරුම් ගත යුතුයි.අලුත් සමාජ සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙනවා. රටේ විවාහ ජීවිතවලින් සියයට හැත්තෑවක් අසාර්ථකයි කියා.එම සියයට හැත්තෑවෙන් සියයට පහක් දහයක් විවාහ වී දින දෙකෙන් තුනෙන් සතියෙන් දෙකෙන් මාසයෙන් මාස තුනෙන් විවාහ ජීවිත අසාර්ථක වෙනවා.රජයක වගකීමක් විදිහට මම සළකන්නේ තාරුණ්‍යයේ ඔබ සියලු දෙනා මගේ දරුවන් ලෙසයි.මේ රටේ සිටින සමස්ත තරුණ පරපුර සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් මේ කිසිවක් මට අදාළ දරුවන් සියල්ල මගේම දරුවන් වගේ.මේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ දහසයක් සිටිනවා.ඉන් රජයේ ආයතන දෙපාර්තමේන්තු හතක් මේ ස්මාර්ට් ශ්‍රී ලංකා සඳහා එක් වෙනවා.මේ රටේ සංවර්ධනයේ ප්‍රමුඛ සංවර්ධන බළකාය රාජ්‍ය සේවයයි.රාජ්‍ය අංශය සේම රාජ්‍ය නොවන අංශ නිෂ්පාදන ක්‍රියාවලියේ,කාර්මික අංශයේ,වෘත්තීය අධ්‍යාපනයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රවල. ඒ සියල්ලෙන් රටක් විදිහට ගොඩනැගෙන්න තිබෙන්නේ.

මං පසුගිය සතියේ කාම්බෝජයේ ගියේ එහි ජනගහණයේ සියයට හැත්තෑ තුනක් වයස 18-35 ත් අතර රටේ ජනගහණය ලක්ෂ එකසිය හැටක් වෙනවා.අපේ රටේ ජනගහණය ඔබ දන්නවා මිලියන විසි එකකට ආසන්නයි.කාම්බෝජයේ මිලියන 16 න් සියයට හැත්තෑ තුනක් තරුණයන් ඉන්නවිට වැඩිහිටියන් අඩුවීම එරටට ගැටලුවක් වී තිබෙනවා.එයට හේතුව පොල්පොට් පාලනය හැත්තෑව දශකයේ මුල ලක්ෂ විසි පහකට වඩා මරා දැම්මා.සියලු උගතුන් වෘත්තිකයන් වෙඩි තබා මරා දැමුවා.වැඩිහිටියන් සියල්ල මරා දැම්මා.අපි වගේ කණ්ණාඩි දාන සියලු අය ඒ රටේ මරා දැම්මා.කණ්ණාඩි දාන අය පොල්පොට් හැඳින්වූයේ පොල්පොට් පාලනයට විරුද්ධ ඔත්තුකරුවන් ලෙසයි.පොල්පොට්ට අහුවුණානම් කණ්ණාඩි දාන මං ඇතුඵ මෙතැන ඔක්කොම අය මරා දානවා.එහෙම නායකයොත් ලෝකයේ බිහිවෙලා තිබෙනවා.ඒ රටේ දැන් ඉන්න අගමැතිතුමා මං එයා ගැන දන්නවා. එයා මට කියනවා .මං දැන් රටේ ජනාධිපති විදිහට අවරුදු තිස් පහයි කියා.මං ඇහුවා තව කීයක් ඉන්නවාද කියා. ඔහු පැවසුවා. දැන් තිස් පහක් හිටියා. තව දහයක් ඉන්නවා කියා.මෙහෙමත් රටවල් ලෝකයේ තිබෙනවා.ඔබේ රටේ නිදහස තිබෙනවා,ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා,සමාජ සාධාරණත්වය යම් ප්‍රමාණයකට තිබෙනවා.ගැටලු සහ ප්‍රශ්න තිබෙනවා.ඒ සියල්ලත් හඳුනාගෙන අපි හොඳ රටක් සමාජයක් හදමු.

(Dinamina)

Latest from Dhanushika Niroshani

Design © External links are provided for reference purposes. Srilankanewslive.com is not responsible for the content of external Internet sites. All rights reserved.