Logo
Print this page

දිනෙන් දින කල් ගිය නිදහස් පක්ෂ තීන්දුව අද පෙරවරුවේ

දිනෙන් දින කල් ගිය නිදහස් පක්ෂ තීන්දුව අද පෙරවරුවේ

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ප‍්‍රකාශයට පත් කිරීම අද (07) පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි.

ඉකුත් සෙනසුරාදා රාතී‍්‍රයේ රැස් වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ අදාළ තීරණය ගැනීමේ බලය පක්ෂ නායක ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ලබාදීමටයි.

ඒ අනුව මුලින් ප‍්‍රකාශ වී තිබුණේ අදාළ තීරණය ඊයේ (06) දිනයේ ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි. එහෙත්, නිරාකරණය කරගත යුතු ගැටලූ කිහිපයක් පැවතීම හේතුවෙන් එම තීරණය ප‍්‍රකාශ කිරීම අද දිනය තෙක් කල් දැමුණා.

නෙත් නිවුස් කළ විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර කියා සිටියේ බොහෝදුරට අද පෙරවරුවේ පක්ෂයේ නිල තීරණය ප‍්‍රකාශයට පත් කරනු ඇති බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, කොන්දේසි විරහිතව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහය දෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක ප‍්‍රකාශ කළා.

මේ අතර ඇතැම් වාර්තාවල දක්නට ලැබුණේ ජනාධිපතිවරණයේදී, ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදීමටත්, පසුව මහමැතිවරණයේදී පොදු ලකුණකින් තරග වැදීමටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟවී ඇති බවයි.

(Neth)

Latest from Dhanushika Niroshani

Design © External links are provided for reference purposes. Srilankanewslive.com is not responsible for the content of external Internet sites. All rights reserved.