අයවැයක් නෑ… අතුරු සම්මත ගිණුම්ක්
- font size decrease font size increase font size

ලබන වසර සඳහා වන අයවැය මහා මැතිවරණයෙන් පසුව පවත්වන නව පාර්ලිමේන්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ලබන වසරේ මාර්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ වියදම් දැරීමට පසුගිය ආණ්ඩුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් අතර ඉන් පසුව පැවැත්වෙන මහ මැතිවරණය දක්වා කාලය තුළ මුදල් වියදම් කිරීමට හැකිවන සේ තවත් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තුවේ සභා වාරය අවසන් කරනු ඇති බවත් නව සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පැවසේ.
පාර්ලිමේන්තුව ලබන මාර්තු මස පළවෙනිදායින්පසුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබෙන අතර ඒ අනුව මහා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් අග හෝ මැයි මස මුලදී පැවත්වීමැත්වීමට නියමිතය.
ඒ අනුව ලබන වසර සඳහා වන අය වැය ලේඛනය ලබන වසරේ මැයි මාසයෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචිමාර්ග සදහන් කරයි.
(Lanka Leads)
Latest from Dhanushika Niroshani
- සංචාරක කර්මාන්තය ප්‍රමුඛම ආදායම් මාර්ගය කරනවා
- මොබිටෙල් උපහාර වෙතින් ස්මාර්ට් ජංගම දුරකථනවලට 40% දක්වා සුවිශේෂී වට්ටම්
- දකුණු ආසියානු ක්‍රීඩා උළෙල උත්සවශ්‍රීයෙන් ඇරැඹෙයි
- හේලි චිත්‍රපටයක් නොවේ ටෙලි නාට්‍යයක්
- පැහැරගත් බව කියන නිලධාරිනියගේ ක්‍රියා කලාපය පරස්පරයි : ස්විට්සර්ලන්ත තානාපතිට රජය සාක්ෂි සහිතව පෙන්වා දෙයි