Logo
Print this page

අනාගත ආර්යාව ගැන කටකතා පැතිරිලා

අනාගත ආර්යාව ගැන කටකතා පැතිරිලා

ඇමෙරිකානු ජනාධිපතිවරණය ලෝකය පුරා දැඩි අවධානයට ලක්වෙලා. මැතිවරණයට ඉදිරිපත් වෙන තරගකරුවන් පිළිබඳවත් ලොව පුරා ජනතාව උනන්දු වෙන්න පටන් අරන්. එක් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ගැන ලෝකයේම අවධානය යොමු වෙන්නත් පටන් අරන්. නමුත් මේ අවධානයට හේතු වෙලා තියෙන්නෙ ඔහුගේ බිරිඳ.

ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ සුරූපී බිරිඳ මෙලනි ට්‍රම්ප් ගැන විශේෂයෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි මගින් කතාබහක් ඇතිවෙලා. වයස අවුරුදු 16 පටන් නිරූපිකාවක් විදිහට කටයුතු කළ මෙලනි යුගොස්ලෝවැකියානු කාන්තාවක්. ඇය සිය වෘත්තීය අවශ්‍යතා වෙනුවෙන් අඩ නිරුවත් ඡායාරූප වලට පීනී සිටි බව සඳහන්. ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් විලාසිතා කළමනාකරන ආයතනයකදී හමුවූ මේ දෙදෙනා විවාහ වෙන්නෙ 2005 වර්ෂයේ කෙසේ වෙතත් රටේ පළමු කාන්තාව ලෙස අනාගතයේදී එවන් අයෙක් පිළිගත හැකිදැයි ඇමෙරිකානු ජනතාව තුළ ගැටළුවක් මතුවන බව සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කරනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සියල්ලට පිළිතුරු දෙන්නෙ සැහැල්ලුවෙන්. තමා එවන් සරාගී සුරූපී කාන්තාවකගේ ස්වාමියා වීම ගැන ආඩම්බර වනබව ඔහු පවසනවා. ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් පසුවන ඇතමෙක් මෙවන් ඵල රහිත දේ මුදාහරින බවයි ඔහු චෝදනා කරන්නේ.

Latest from Nissanka Weheraduva

Design © External links are provided for reference purposes. Srilankanewslive.com is not responsible for the content of external Internet sites. All rights reserved.