Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

තුවක්කුව විසඳුම නොවේ

තුවක්කුව විසඳුම නොවේ

තුවක්කුවෙන් හෝ අපචාර මගින් කාශ්මීරයට සාමය උදාකළ නොහැකි බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. 

ඉන්දියානු හැත්තෑ වැනි නිදහස් දින සමරුවට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව පවසාතිබේ.  කාශ්මීර් බෙදුම්වාදීන් 'කුමන්ත්‍රණකරුවන්' යයි පවසමින්  අගමැති මෝදි , ඔවුන්ට චෝදනා කළේය. අගනුවර රතු බල කොටුවේ සිට හෙතෙම ජාතික දින සමරුව ඇමතීය.  නිදහස ලැබීමෙන් අනතුරුව ගෙවී ගිය දශක හත පුරාම ඉන්දියාව සහ පකිස්තානය කාශ්මීර් භූමිය මුල්කර ගත් අරගලයක පැටලී සිටිති.  ඉන්දු කාශ්මීරයේ ගැටළු නිරාකරණය කර ගත හැක්කේ 'ඔවුනොවුන් වැළඳ ගැනීම මගින්' පමණක් බවත් අගමැති මෝදි පෙන්වා දෙයි. ඉන්දියානු ජාතික නිදහස් දිනය උදා වන්නේ අගෝස්තු 14 වෙනිදාට යෙදෙන පකිස්තාන් නිදහස් දිනයෙන් දවසකට පසුවයි. "අහිමි පාරාදීසය" යළි පියෙවි තත්වයට ගෙන ඒම සඳහා එක්ව නැගී සිටින මෙන් සිය නිදහස් දින කතාව මගින් ඉන්දියානුවන්ට පණිවුඩයක් දෙමින්  මෝඩි ඉල්ලීමක් ද කළේය. උතුරු ඉන්දියාවේ රජයේ රෝහලක ඔක්සිජන් වායුව නොමැති කමින් මරණයට පත් දරුවන් හැට දෙනා සිහිපත් කළ අගමැතිවරයා,එම දරුවන් අහිමි වීමෙන් විපතට පත් පවුල් සමඟ එක්වෙන ලෙසත් ඉල්ලා තිබිණ. 

back to top