Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

බාසිලෝනා ත්‍රස්ත ප්‍රහාරය

බාසිලෝනා ත්‍රස්ත ප්‍රහාරය

ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පිරිසක් අතරට වෑන් රියක් ධාවනය කරවීමෙන් ගැටුමක් ඇති කෙරෙයි.

සිද්දියෙන් 13 දෙනෙකුවත් මරුමුවට පත්ව තවත් 80 දෙනෙකුවත් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. තුවාල ලැබූවන් අතරින් දස දෙනෙකුගේ තත්වය බරපතල බව පැවසේ. බාසිලෝනාහි ලස් රම්බ්ලස් (Las Ramblas) නම් සංචාරක ප්‍රදේශයකදී වෑන් රථය අධික වේගයෙන් පදිකයන් දෙසට ධාවනය කිරීමත් සමග පිරිසක් රථයට යටවී තිබේ. අනෙක් විශාල පිරිසක් ආරක්ෂාව පිණිස අසල ඇති සාප්පු මෙන්ම බොජුන්හල් වෙත දිවගොස් ඇත. මෙය  ත්‍රස්ත ප්‍රහාරයක් බවට සක කරන්නේයැයි ස්පාඤ්ඤ පොලිසිය පවසයි. ප්‍රහාරයට සම්බන්ධ බව සැලකෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසා තිබේ. ප්‍රදේශයේ උමං දුම්රිය ධාවනය අත්හිටුවන ලෙසත් දුම්රියපොළ වසා දමන ලෙසත් හදිසි සේවා ඉල්ලීම් කර ඇති බව රොයිටර් පුවත් සේවය පැවසීය. El Pais පුවත්පත පවසන පරිදි පිරිස් වෙත රිය ධාවනය කළ පුද්ගලයා පසුව පාගමනින් පළාගොස් තිබේ. සංචාරකයන් අතර ජනප්‍රියතම යුරෝපා නගරයකට මේ ප්‍රහාරය එල්ල වූයේ ග්‍රීෂ්ම සෘතුවේ පාසල් නිවාඩු සමයේ නගරය සංචාරකයන්ගෙන් පිරිතිරී තිබියදීය. පසුගිය වසරේ ජුලි මාසයේ සිට යුරෝපයේ නගර ගණනාවක මහජනතාව වෙතට රථ පදවාගෙන විත් ප්‍රහාර එල්ල කර තිබේ.

 

back to top