Menu
RSS
කිරි ආනයනය අසාමාන්‍ය ලෙස ඉහළට

කිරි ආනයනය අසාමාන්‍ය ලෙස ඉහළට

මෙරට දේශීය කිරි නිෂ්පාදනය...

මහින්ද පරාද උනේ පාරෙ කහ ඉරි නිසා - බැසිල්

මහින්ද පරාද උනේ පාරෙ කහ ඉරි නිසා - බැසිල්

පාර මාරුවීමේදී කහ ඉරෙන් ප...

එජාපයෙන් අලුත් සන්ධානයක්

එජාපයෙන් අලුත් සන්ධානයක්

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු ...

අගමැති ගෙන් ඇමති රන්ජන්ට අවාවද

අගමැති ගෙන් ඇමති රන්ජන්ට අවාවද

මහා සංඝරත්නය සම්බන්ධයෙන් ...

Prev Next

770

මුගාබේ මැතිනිය හිරවේ

මුගාබේ මැතිනිය හිරවේ

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ගේ බිරිඳ ග්‍රේස් මුගාබේ තරුණියකට පහරදෙයි.  " අප්‍රිකානු කලාපයේ පළමු කාන්තාවන්ගේ සමුළුවක්" නියෝජනය කිරීම පිණිස දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී මෙම සිදුවීම සිදුව තිබේ.

 සිද්දියෙන් පසු "සිම්බාබ්වේ පළමු කාන්තාව" එම සමුලුවටත් රහසින් ආපසු ගෙදර පැමිණ සිටින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.  දකුණු අප්‍රිකාවේ ඇය රැඳී සිටි හෝටලයේ දී වෙනත් කාන්තාවකට පහර දී තුවාල සිදු කළ බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඇය යළි සියරට පැමිණ ඇත.  ග්‍රේස් මුගාබේ පහර දී ඇත්තේ ගබ්‍රියලා එංගල්ස් (Gabriella E ngels) නම් 21 හැවිරිදි නිරූපිකාවට බව පැවසේ.  ග්‍රේස් මුගාබේ සිය සැමියා සමග "එයාර් සිම්බාබ්වේ" යානයකින් ඉරිදා උදෑසන 'හරාරේ' බලා පියාසර කළ බව සිම්බාබ්වේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. පහර දීමේ චෝදනාවලට මුහුණ දී සිටින 52 හැවිරිදි ග්‍රේස් මුගාබේ තමාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් ඇති බව පවසයි. තමාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් ඇති බවට ග්‍රේස් මුගාබේ කරන ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කෙරෙමින් ඇති බව මේ අතර දකුණු අප්‍රිකානු බලධාරීහු පවසති. 'ජොහැන්නස්බර්ග්' නගරයේ හෝටලයක දී සිදු කර ඇති ප්‍රහාරය පිළිබඳව විභාගයක් පැවැත්විය යුතුය යන්න දකුණු අප්‍රිකානු පොලිසියේ ස්ථාවරයයි. දැනට ඉදිරිපත් කරනු ලැබ ඇති පැමිණිල්ල අනුව, ග්‍රේස් මුගාබේ එම හෝටලයේ දී ගබ්‍රියලා එංගල්ස් නිරූපිකාවට පහර දී ඇත්තේ විදුලි බලය ලබා ගැනීමට පාවිච්චි කරන වයරයකිනි(extension cord).

back to top