Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

රයිනෝ අං වෙන්දේසියක්

රයිනෝ අං වෙන්දේසියක්

රයිනෝ අං අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසියේ විකිණීමක්  දකුණු අප්‍රිකාවේ දී  ආරම්භ වෙයි.  පරිසරවාදීන් 'රයිනෝ අං'වෙන්දේසියට විරෝධය පළ කරනු ලැබ ඇතත් සංවිධායකයෝ එම විරෝධයත් නොතකා හරිමින් ඔවුන්ගේ වැඩ පිළිවෙල පෙරට ගෙන යමින් සිටිති. 

මෙවැනි වෙන්දේසි නිසා 'රයිනෝ' දඩයක්කාරයන් ඔවුන්ගේ ජාවාරම සඳහා තවත් දිරි ගැන්වීමක් ලබනු ඇතැයි පරිසරවාදීහු පෙන්වා දෙති. රයිනෝ අං කිලෝවකින් ඩොලර් දශ ලක්ෂ ගණනක් උපයා ගත හැකි බවත් ප්‍රකාශ වෙයි. දකුණු අප්‍රිකාවේ දී රයිනෝ අං මිලට ගත හැකි නමුත් ඒවා වෙළෙඳාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර තහනමක් බල පැවැත්වෙන හෙයින් රටින් පිට ගෙනයාම නීතියට පටහැණි ක්‍රියාවකි. දකුණු අප්‍රිකාවේ රයිනෝ අං අන්තර්ජාල වෙන්දේසිය සංවිධානය කරනු ලබන්නේ ජෝන් හ්යුම් (John Hume) විසිනි . ඔහුගේ සත්ව ගොවිපොළෙහි රයිනෝ ජීවීන් 1500ක් පමණ සිටින බවත් වාර්තා වෙයි. "බටහිර මිනිස්සුන්ගේ ප්‍රශ්නය එහෙම පිටින්ම වැරදියි. රයිනෝ ජීවීන් මරා දැමීම දාස් ගාණකින් වැඩි වුනේ අපි සැපයුම නතර කළ නිසා. 2009 පෙබරවාරි වෙන තෙක් රයිනෝ අං විකිණීම දකුණු අප්‍රිකාවේ නීත්‍යානුකූලව තිබුණු බව අමතක කරන්න එපා. ඊට පස්සේ ඉල්ලුමක් තිබුණත් 'අපි ආයෙත් රයිනෝ අං විකුනන්නේ නෑ' කියල අපි සැපයුම නතර කළා. මොකද වුණේ? අවශ්‍ය මිනිස්සු මොසැම්බික් වලට ගිහින් දහස් ගණනින් රයිනෝ ජීවීන් මරා දැම්මා" ජෝන් හ්යුම් පවසා තිබේ. 

back to top