Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

ජපානයට තර්ජන

ජපානයට තර්ජන

උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් අත්හදා බලයි. එය  සිය රටට එල්ල වූ "පෙර නොවූ විරූ" තර්ජනයක් බව ජපාන අගමැති ෂෙන් සෝ අබේ පවසයි. 

කොරියාවේ වේලාවෙන් 29 වැනි අඟහරුවාදා අළුයම එල්ල කරන ලද එම මිසයිලය හොකයිඩෝ දූපතට ඉහළින් ඇදී ගොස් මුහුදට පතිත විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මීට ප්‍ර‍තිචාර දැක්වීම සඳහා හදිසි රැස්වීමක් කැඳවා ඇත. උතුරු කොරියාව මෑතක සිට මිසයිල අත්හදා බැලීම් ගණනාවක් ක්‍රියාත්මක කළ ද බැලිස්ටික් අවියක් යැයි සැළකිය හැකිවූවක් ජපානයට ඉහළින් විදින ලද පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර දෙවතාවකදී එනම්, 1998 සහ 2009 දී ජපානය හරහා ඇදී යන ලෙස රොකට් විදිනු ලැබූ උතුරු කොරියාව එවර පැවසුවේ, එම රොකට්ටු චන්ද්‍රිකා සදහා භාවිත කරන ලද ඒවා විනා අවි නොවන බවය. ටෝකියෝ නගරයේ සිටින බීබීසීහි රූපට් වින්ෆීල්ඩ්-හේස් පැවසුවේ උතුරු කොරියාව අද විදින ලද මිසයිලය න්‍යෂ්ටික යුද ශීර්ෂයක් ගෙන යා හැකි තරමට බලසම්පන්න විය හැකි බවය. මිසයිලය බිම හෙලීම සඳහා ජපානය උත්සාහ නොදැරුව ද ආරක්ෂාව පිළිබද අනතුරු ඇඟවීම් නිකුත් කරමින් හොකයිඩෝ දූපත්වාසීන්ට කියා සිටියේ "ශක්තිමත් ගොඩනැගිල්ලක හෝ භූගත මහලක" ආවරණය සලසා ගන්නා ලෙසය. ඇමරිකානු සහ ජපාන හමුදා දැනට හොකයිඩෝහි යුද අභ්‍යාසවල යෙදී සිටිති. මතු වූ තත්ත්වයට ප්‍ර‍තිචාර දක්වන ලෙස දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ - ඉන් නියෝග කළේය.

back to top