රානා ප්ලාසා සිදුවීම
- font size decrease font size increase font size

වසර තුනකට පෙර බංග්ලාදේශයේ 'ධකා' අගනුවර කඩා වැටුණ 'රානා ප්ලාසා' (Rana Plaza) ඇඟලුම් කම්හල හිමි සොහෙල් රානා සිරගත කරයි.
දූෂණ චෝදනා යටතේ විභාග කෙරුණ නඩුවක දී වරදකරු යයි තීන්දු කොට සොහෙල් රානාට අවුරුදු තුනක සිර දඬුවම් නියම කොට තිබේ. බංග්ලාදේශ් අල්ලස් විරෝධී කොමිසමට ඔහුගේ වත්කම් හෙළිදරව් කිරීමට අසමත් වීම සොහෙල් රානාට එරෙහි මේ නඩුවේ චෝදනාව විය. 'රානා ප්ලාසා' මන්දිරය කඩා වැටීමේදී සිදු වූ මරණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ තවත් නඩුවක් විභාගයට ගැනෙමින් පවතී. 2013 වසරේ 'රානා ප්ලාසා' අනතුරෙන් 1100 කට අධික ජීවිත විනාශයක් සිදු වූ අතර 2500 ක් කම්කරුවන් සුන්බුන් අතරින් එළියට ඇද ගැනීමට හැකි විය. දිවි බේරුණ අයගෙන් වැඩිදෙනා ඉතා බරපතළ තුවාල ලැබ සිටියහ. 'රානා ප්ලාසා' අනතුරට ගොදුරු වූවන්ගෙන් වැඩිදෙනා වුණේ ඇඟලුම් සේවිකාවන්ය. එම අනතුර බංග්ලාදේශ් කර්මාන්ත ඉතිහාසයේ වාර්තා වී ඇති දරුණුතම ඛේදවාචකය විය. එම අනතුරත් සමඟ ඇඟලුම් ව්‍යාපාරිකයන් ලෝකය පුරා ශ්‍රමිකයන්ට සලකන ආකාරය විශාල වශයෙන් විවේචනයට ලක් වීම ආරම්භ විය.