Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

ඔස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු දේශපාලන නායකයෝ සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා සහයෝගය පළකරති.

 ඔස්ට්‍රේලියානු විවාහ නීතිය සංශෝධනය කරන ලෙස ඉල්ලමින් 20,000කට අධික පිරිසක් සිඩ්නි නුවරට රැස්වී සිටියහ. කිසිවෙකු බලාපොරොත්තු නොවූ අවස්ථාවක අගමැති මැල්කම් ටර්න්බුල් ජනතාව ඉදිරියට පැමිණ, සමලිංගික විවාහය නීතිගත කිරීමට තම සහයෝගය ලැබෙන බවට ප්‍රකාශයක් කළේය. අනතුරුව ඊට සහයෝගය පළ කරමින් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක බිල් ශෝටන් ද රැළිය අමතා තිබේ. ඒ අනුව සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසා බැලෙන සමීක්ෂණ ඡන්ද පත්‍රිකාවක් ජනතාව අතර බෙදා හැරීම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තැපැල් ඡන්දයේ ප්‍රතිඵලය මගින් සමලිංගික විවාහය නීතිගත කිරීමට නීත්‍යනුකුල බලයක් නොලැබෙන අතර එය කිසිදු බැඳීමකට යටත් නොවේ. නමුත් බහුතර ජනතාව ඊට කැමැත්ත පළකර ඇත්නම් ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් සිදුකිරීමට මග පෑදෙනු ඇත."මේ වනවිට රටවල් 23ක් සමලිංගික විවාහය නීතිගත කර තිබෙනවා, ඒ එක රටක හරි මේ වෙනකොට අහස කඩා වැටිලා තියෙනවද? ජීවිත ඇනහිට තිබෙනවද? සාම්ප්‍රදායික විවාහය අනතුරට පත්වෙලා තියෙනවද? 'නැත' කියන එක තමයි පිළිතුර." යැයි රැළිය අමතමින්  අගමැති ටර්න්බුල් කියා සිටියේය.

back to top