Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

ප්‍රංශයේ හදවත නොත්‍රදාම් ගිනි ගනී

ප්‍රංශයේ හදවත නොත්‍රදාම් ගිනි ගනී

නොත්‍රදාම් වස්ථානයේ වහලය සම්පූර්ණයෙන් වින­ාශයි
දේවස්ථානය යළි ගොඩනඟනවා : ප්‍රංශ ජනාධිපති
ශුද්ධ වූ කටු ඔටුන්න සුරක්ෂිතයි
බිලියනපතියකුගෙන් යුරෝ මිලියන 100ක්


ප්‍රංශයේ පැරිස් නුවර නොත්‍රදාම් දේවස්ථාන ‍යේ හදිසියේ ඇති වූ ගින්නෙන් එහි වහලය සම්පූර්ණයෙන්ම විනාශ වුවත්

ජේසුතුමන් කුරුසිපත්වන අවස්ථාවේ පැළැඳි 'ශුද්ධ වූ කටු ඔටුන්න' තවමත් සුරැකිව පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි‍.

ඕක් ගස් දෙදහසක් පමණ වැය කර දැවයෙන්ම නිම වූ වහලය විනාශ වූව ද දේවස්ථානයේ යට කොටස සුළු අලාභහානි සහිතව බේරා ගැනීමට ප්‍රංශ ගිනි නිවීමේ සේවාව සමත් වී තිබේ.

2013 වසරේ දී 850වැනි සංවත්සරය සනිටුහන් කළ මෙම දේවස්ථානය ඉදි කිරීමට වසර 182ක් ගත වී ඇත. ඒ අනුව 12 වැනි සියවසේ දී ආරම්භ කළ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇත්තේ 13වැනි සියවසේ දීය. එකවර බැතිමතුන් 6,000කට වැඩි පිරිසකට රැඳී සිටිය හැකි නොත්‍රදාම් දේවස්ථානය ප්‍රංශයේ හදවත ලෙස හැඳින්වේ.

නොත්‍රදාම දේවස්ථානය නැවත ගොඩනඟන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් දේවස්ථානය වෙලා ගත් ගිනි දැල් ඉදිරියේ පොරොන්දු වීමත් සමගම ඒ සඳහා යුරෝ මිලියන 100ක් ප්‍රදානය කිරීමට ප්‍රංශ බිලියනපතියකු (François-Henri Pinault) ඉදිරිපත් වී ‍තිබේ.

නොත්‍රදාම දේවස්ථානය යනු අ‍පගේ ඉතිහාසය, අපගේ සාහිත්‍යය, අපගේ මනසෙහි කොටසක්, අපගේ සියලු විශිෂඨ සිද්ධීන්ගේ ස්ථානය, අපේ යුද්ධ, අපගේ විමුක්තිය, අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය යැයි පැවසූ ඔහු එය දැවෙද්දී ඇති වන ශෝකය තමා දන්නා බවත් විශේෂයෙන් ප්‍රංශ ජනතාව දැඩි ලෙස වේදනාවට පත්ව ඇති මේ මොහොතේ බලාපොරොත්තුව පිළිබඳව කතා කිරීමට කැමැති බවත් සඳහන් කරමින් අරමුදල් එක්රැස් කිරීමේ ව්‍යාපාරය එසැණින් ආරම්භ කෙරිණි.

වාර්තා වන අන්දමට මෙම දේවස්ථානයේ වහලයේ අලුත්වැඩියා කිරීම් මේ දිනවල සිදුවෙමින් පැවැති අතර පෙරේදා (15) පස්වරු 6. 45 ට පමණ හදිසි ගිනි ගැනීමක් හට ගෙන තිබේ. අලුත්වැඩියා කටයුතුවල නිරත සේවකයෝ ඒ වන විට සේවය නිම කර නික්ම ගොස් සිටි අතර ආරක්ෂිත සයිරන් නලා නොනවත්වා නාද වන්නට විය. සුපුරුදු පරිදි නොත්‍රදාම දේවස්ථානය නැරඹීමට පැමිණෙන සංචාරයකයන් විශාල සංඛ්‍යාවක් ඒ වන විට ද එම පරිශ්‍රයට පැමිණ සිටිය අතර ඔවුහු ආරක්ෂාකාරී ලෙස එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත. ගිනි නිවන භටයන් 400කට වැඩි සංඛ්‍යාවක් එක්ව පාන්දර 2ට පමණ වන විට ගින්න පාලනය කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් දැවයෙන් පමණක් නිම කරන ලද එහි වහලය සම්පූර්ණයෙන් විනාශ වී හමාරය. නමුත් ජේසුතුමන් කුරුසිපත් වන අවස්ථාවේ පැළැඳි 'ශුද්ධ වූ කටු ඔටුන්න' තවමත් සුරැකිව පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි‍. ඕක් ගස් දෙදහසක් පමණ වැය කර දැවයෙන්ම නිම වූ වහළය විනාශ වූව ද දේවස්ථානයේ යට කොටස සුළු අලාභහානි සහිතව බේරා ගැනීමට ප්‍රංශ ගිනි නිවීමේ සේවාව සමත් වී තිබේ.

2013 වසරේ දී 850 වැනි සංවත්සරය සනිටුහන් කළ මෙම දේවස්ථානය ඉදි කිරීමට වසර 182ක් ගත වී ඇත. ඒ අනුව 12වැනි සියවසේ දී ආරම්භ කළ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇත්තේ 13වැනි සියවසේ දීය. එකවර බැතිමතුන් 6,000කට වැඩි පිරිසකට රැඳී සිටිය හැකි නොත්‍රදාම් දේවස්ථානය ප්‍රංශයේ හදවත ලෙස හැඳින්විය හැකිය. ප්‍රංශයේ හදවත ලෙස සැළකෙන මෙම දේවස්ථානය ඉපැරණි ප්‍රංශ ගොතික් කලාවෙන් සමන්විත අතිවිශිෂ්ට ගෘහ නිර්මාණාත්මක ලක්ෂණවලින් යුක්තය.

ප්‍රකට ප්‍රංශ නවකතාකරුවකු වන, කවියකු හා නාට්‍ය රචකයකු වන වික්ටර් හිටුගේ 1831 දී ප්‍රකාශයට පත් කළ ‘පැරීසියේ අපේ මව ඓතිහාසික නව කතාව හේතුවෙන් නොත්‍රදාම දේවස්ථානය තව දුරටත් ලෝක අවධානය දිනා ගත්තේය.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැති නමුදු සිදු වී ඇති අලාභහානි පිළිසකර කිරීම සඳහා යුරෝ මිලියන 15ක් පමණ වැය වනු ඇති බව බලධාරීහු පවසති. මෙම දේවස්ථානය නැරඹීම සඳහා වසරකට සංචාරකයෝ ලක්ෂ 140ක් පමණ මෙය නැරඹීමට පැමිණෙන බව වාර්තා වන අතර, සිදු වෙමින් පැවැති අලුත්වැඩියාවන් හේතුවෙන් ඓතිහාසික වටිනාකමින් යුත් තඹ පිළිම 16ක් මේ ගින්න හට ගන්නා අවස්ථාවේ එම දේවස්ථානයෙන් ඉවත් කර තිබූ බව සඳහන්ය.

එදින රාත්‍රියේ ජනාධිපති මැක්‍රොන් ජාතිය ඇමතීමට කටයුතු යොදා තිබූ අතර මෙම හදිසි තත්ත්වය හමුවේ එය අත්හිටුවා අගමැති එඩුවා පිලිප්, කතානායක රිචාර්ඩ් පෙරොන්ඩ්, පැරිස් නගරාධිපති ඈන් හිඩල්ගෝ ඇතුලූ ඇමතිවරු වහාම නොත්‍රදාම දේවස්ථාන පරිශ්‍රය‍ වෙත පැමිණ තිබුණි. ජනාධිපතිවරයා තම බිරිඳ බ්‍රිජිට් මැක්රොන් සමග රාත්‍රී 11.30 ට පමණ එහි නිරීක්ෂණ චාරිකාවේ යෙදුනේ නොනිමි ගිනි දැල් අතරය.

යුරෝපයේ ලෝක උරුමයක් විනාශ වීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරමින් වතිකානය, අමෙරිකානු ජනාධිපති, ජර්මන් චාන්සල්වරිය, බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුට්රෙස්, ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල්, සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක බ්‍රසීල ජාතික නෙයිමාර් ඇතුළු ලොව දස දෙසින් නිවේදන නිකුත් වන්නට විය. ඒ වන විටත් නොත්‍රදාමය වෙත රැස් වූ දෙස් විදෙස් මාධ්‍යවේදීන් සංඛ්‍යාව 200 ඉක්මවා තිබිණි. නොත්‍රදාම දේවස්ථානය පෙනෙන මානයට රැස් වූවෝ ගිනි දැල් දෙස බලමින් යාච්ඤා කරනු දක්නට ලැබී තිබේ.

(Dinamina)

back to top