සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 18 ක්
- font size decrease font size increase font size

අමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉලක්ක කර එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට (11) වසර 18 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් රැසක් සංවිධානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ප්‍රධාන සැමරුම් උත්සවය අමෙරිකානු වේලාවෙන් උදෑසන 08.25 ට මෑන්හැටන්හි පිහිටි 9.11 අනුස්මරණ කෞතුකාගාරයේදී සංවිධානය කර තිබෙනවා.
අමෙරිකානු ඉතිහාසයට කලූ පැල්ලමක් ඉතිිරි කරමින් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය විසින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 2996 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 6,000 ක්. 2001 වසරේ අද වැනි දිනක නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ මෙම ප්‍රහාරය සඳහා යොදා ගැනුණේ පැහැර ගත් අමෙරිකානු මගී ගුවන් යානායි.
(Neth)