Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

කතාබහ

නිවැරදිම ශිල්පීය දැනුමත් එක්කයි අපි වැඩ පටන් ගත්තේ - රනුක හෙට්ටිආරච්චි - Events World Sri Lanka

 

ව්‍යාපාරික ලෝකය තුළ සිදුවන විවිධ උත්සව, ප්‍රිය සම්භාෂණ, ආයතනික සැමරුම් ආදිය වර්තමානය වන විට දැවැන්ත ප්‍රගමනයකට ලක්වෙලා. Event Management කියන විෂය පිළිබඳ විෂය දැනුම ලෝකයෙන් ලංකාවට සේන්දු වන්නේත් තාක්ෂණය හරහා ලෝකයට විවෘත වීමත් සමඟ. ඒ හරහා මේ ක්ෂේත්‍රය ලංකාව තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙන්නත් පටන් අරන්. ලොකු කුඩා ඕනෑම ආකාරයක උත්සවයක් නිර්මාණශීලීව සහ සිත් ඇදගන්නා අයුරින් පවත්වා ගන්න බොහෝ දෙනෙක් උනන්දු වෙන තත්ත්වයක් පවතින නිසාම ඒ ක්ෂේත්‍රෙය් සේවා සපයන්නන් පිරිසක් ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා. ඒ කෙසේ වෙතත් උත්සවයක් කියන්නෙ එක් සන්ධිස්ථානය ක්‍රමවත්ව නිර්මාණශීලීව සහ අලංකාර ලෙසින් පවත්වා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දරන විෂය දැනුම සහිත වෘත්තීයවේදීන් ලවා ඒ කටයුතු සිදුකරවා ගැනීම අත්‍යවශ්‍යයයි. ලාංකිකයන්ට තරමක අලුත් විෂයක් වන නිසාම මේ කියන විෂය දැනුම හා නිපුණතාව සහිත වෘත්තීයවේදීන් මේ ක්ෂේත්‍රයේ ඉන්නෙ අතළොස්සක් පමණයි. ඒ විදිහෙ විශේෂිතකරණය වුණු විෂය දැනුමක් සහිත පිරිසක් සමඟ Events World ක්ෂේත්‍රයට නව මුහුණුවරකින් පිවිසීම සිදුකෙරුණා. මේ සුවිශේෂීතාවන් ගැන Events World හි රනුක හෙට්ටිආරච්චිගේ අදහස් කතාබහ විශේෂාංගයට එක්කරනවා.

Event Management කියන විෂය ඔබ හඳුන්වන්නෙ කොහොමද?

අපිව සාමාන්‍යයෙන් දෛනික ජීවිතයෙදි විවිධ විදිහෙ උත්සවවලට සහභාගි වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම පවත්වන්නත් සිද්ධවෙනවා. මිනිස්සු විදියට සමාජගත වීමේදී ඒ දේවල් අත්‍යවශ්‍යයි. පෞද්ගලික ජීවිතේ ගත්තහම උපන්දින සාදයක් වෙන්න පුළුවන්. විවාහ මංගල උත්සවයක් වෙන්න පුළුවන්. නැත්තම් Anniversary Celebration එකක් වෙන්නත් පුළුවන්. ආයතනිකව ගත්තොත් මේක විවිධ විදියෙ සැමරුම්, සම්භාෂණ, සාද, අලුත් හඳුන්වාදීම්, Cultural days වගේ හුඟක් පැති වලට විහිදෙනවා. මේ මොන විදියක උත්සවයක් උනත් ඒ අදාළ අවස්ථාවට අපි සාමාන්‍යයෙන් Event එකක් කියලා කියනවා. ලෝකෙ පිළිගන්න නිර්වචනයකට අනුව Celebration, Education, Marketing or Reunion කියන කවර ආකාරයක හෝ අරමුණක් වෙනුවෙන් පැවැත්වෙන හමුවක් එහෙමත් නැත්තම් උත්සවයක් තමයි Event එකක් කියන්නෙ. Event Management කියන විෂයෙදි මේ කියන Event නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාමයි සිද්ධ වෙන්නෙ. එතනදි අපි වැඩ කරන Brand එක මොකද්ද, ඉලක්ක කණ්ඩායම මොකද්ද, Event එකේ Creative concept එක මොකද්ද වගේ කාරණා හුඟක් සැලකිලිමත් වෙනවා. ඒ සියල්ල ගැන අධ්‍යයනයකට පස්සෙ නිවැරදි සහ සාර්ථක විදියට Event එක සංවිධානය කිරීමයි මෙතැනදි සිද්ධ වෙන්නෙ.

Events World ආයතනය ආරම්භ වෙන්නෙ මොන විදියටද?

Events World Company එක හදිසියේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මම, සජන සහ ඉරෝෂ් කියන තුන්දෙනාගේ එකතුවෙන් තමයි ආරම්භ වෙන්නෙ. අපට අවශ්‍ය වුණේ Event Management වලට වඩා Event එකකට අවශ්‍ය සේවා සපයන ප්‍රවීණයන් කියන තැනට යන මාර්ගය හදාගන්න. ඒක තමයි මූලිකම දේ. අපි මුලින්ම Sound, Lights, Suppliers ලා විදියට වැඩ පටන් ගත්තෙ. ඊළඟට Photography සහ Decoration කියන Subject එකට අත තිවුවා. අපට හැම වෙලේම අවශ්‍ය වුනා Creative දෙයක් අපේ Client ට දෙන්න. ඒ නිසා හැම වෙලාවකම අලුත් දේවල් Try කරන්න අපි උත්සහ කළා. ටික කාලෙකින් අපි Wedding Decorations පැත්තටත් යොමුවෙන්න එහෙම. දැනට අපි Wedding වලට අවශ්‍ය Sound, Lights, Photography, පෝරුව සහ අනිත් සියලුම Creative decorations කරනවා.ඒ Wedding පැත්තෙන්. ඊට අමතරව අපේ ප්‍රධානතම වැඩේ Large scale event එක්කයි සිද්ධ වෙන්නෙ. Sound, Lights & Photography සේවා සැපයීම අපි කරමින් හිටියා. දැන් Events World ආයතනය සම්පූර්ණ Event Management එකක් විදියටම වැඩ පටන් අරගෙන තියනවා. ඒක තමයි අපේ අලුත්ම ප්‍රවේශය.

Event Management කියන විෂය ගැන ශ්‍රී ලංකාව ඇතුලෙ තියන ප්‍රවණතාව කොහොමද?

ඒක ගැන කියන්න තියෙන්නෙ නම් හරිම කණගාටුදායක තත්ත්වයක්. මට හිතෙන්නෙ අවම වශයෙන් මේක වෙනම Subject එකක් කියන දේත් තේරුම් ගත්ත පිරිස හරිම අඩුයි. Event Management කියන්නෙ ලෝකයේම ගත්තහම දැවැන්ත විෂයක්. මේ විෂය උපාධි මට්ටම දක්වා ඉගෙනගෙන වෘත්තීය මට්ටමින් කළ යුතු එකක් සහ ලෝකෙ අනිත් රටවල එහෙම සිද්ධ වෙනවා. අනිත් විශේෂම දේ තමයි Event Management කියන විෂය ඇතුලෙ තවත් උප විෂයන් ගොඩක් තියනවා. මේ විෂයට අදාළව ඒ සියල්ල ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදියට Event එකක් කරද්දි ඒක ඇතුලෙ Marketing කොටසක්, Client servicing, Public relations, Designing, Art direction, Printing, Animating, Audio visual production, Sound engineering, Lighting technology, Photography වගේ විෂය ගණනාවක් තියෙනවා. එතකොට ඒ සියල්ල ගැන දැනුම, අවබෝධය අත්‍යවශ්‍යයයි. ඒ වගේම Practical knowledge එකක් නිර්මාණශීලී චින්තනයක් තිබීමත් අත්‍යවශ්‍යයයි. ඉතින් මේ සියල්ල එක්ක Financially වැඩේ Manage කරන්න අවබෝධයකුත් තියෙන්න ඕනෙ. Cost cutting අනිවාර්යයි. ඒ නිසා මේක හරි Wide subject එකක්. නමුත් ලංකාවෙ කී දෙනෙක් විෂය හරියට දැනගෙන මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවද කියන එක ලොකු ගැටලුවක්.

Events World ආයතනය විදියට Event management වලදි තියෙන සුවිශේෂතා මොනවද?

මෙහෙමයි. මම අර මුලින් කිව්වා වගේ මේ Subject එක හරි පුළුල්. එතකොට Subject එක ගැන අවබෝධය තියෙන පිරිසක්, දැනුවත් පිරිසක් මේ වැඩේට සම්බන්ධ වීම අත්‍යවශ්‍යයයි. එක් එක් විෂයන් ගැන විශේෂීකරණය වුනු Academic දැනුමක් තියෙන පිරිසක් එක්ක Event manage කරන එක වෙනස්ම වැඩක්. ඒක තමයි Events world අපේ විශේෂත්වය. අපේ team එකේ ඉන්නේ විෂය ගැන නිවැරදි දැනුමක් සහිත පිරිසක්. මම Sound engineer කෙනෙක් විදිහට විෂය ඉගෙනගත්තා. විශේෂයෙන්ම System engineering කියන කොටස. ඒක ගැන හැදෑරීමක් තියෙන අය ලංකාවේ ඉන්නේ දෙතුන් දෙනෙක් විතරයි. ලංකාවේ ඒ ගැන ඉගෙන ගන්න තැනකුත් නැහැ. දකුණු ආසියාවේම ආයතන දෙකක විතරයි මේ විෂය ඉගෙන ගන්න පහසුකම් තියෙන්නේ. ඒ ගැන විෂය දැනුම මම ලබාගත්තා. දේශීය වගේම විදේශියවත් පුහුණුව සහ දැනුම ලබාගෙනයි මම වැඩේ පටන් ගත්තේ. ඒ වගේම AVID systems operating කියන කොටස. මේ දේවල් ගැන විෂය දැනුම ලබාගෙන, තවත් අවුරුදු කිහිපයක් sound engineer කෙනෙක් විදිහට වැඩ කරලා පළපුරුද්දත් එක්කයි මම මේ වැඩකටයුතු කරගෙන යන්නේ, අනික් ප්‍රධානම විෂය තමයි ආලෝකකරණය කියන එක. Lighting කියන්නේ වෙනමම ගැඹුරු subject එකක්. හැමෝම ලයිට්ස් දානවා තමයි. එත් lighting කියන්නේ ඒක නෙමෙයි. ඊට වඩා පුළුල් art එකක්. ඒ විෂයේ technical part එක ගැනත් මම වෙනම අධ්‍යයනය කළා. ලංකාවේ ප්‍රවීණම Lighting technicians කෙනෙක් යටතේ මම ප්‍රායෝගිකව ඒ ගැන හදාරලා පුහුණු වුනා. ඒ සියල්ලත් එක්ක Sounds සහ Lights වලට Special වුන දැනුමක් මේ වැඩේට එකතු වෙනවා. ඊළඟට Photography සහ videography පැත්තෙන් සජන අපිත් එක්ක වැඩ කරනවා.  සජන Filming ගැන Academic knowledge එකක් තියන කෙනෙක්. ඒ වගේම Still photography ගැනත් හොඳ දැනුමක් තියෙනවා වගේම කලාත්මක ඇහැක් තියෙනවා. ඒ සියල්ලත් අපේ වැඩ වලට එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් විශේෂිත පිරිසකුත් අපි එක්ක ඉන්නවා. Fine arts ගැන විශේෂ දැනුමක් තියන සහ පසුබිමක් තියෙන පිරිසක් ඒ. අපේ decorations, designing, වගේ සියල්ල සිද්ද වෙන්නේ ඒ අය අතින්. ඒ නිසා හැම දෙයක් ගැනම විශේෂිත විෂය දැනුමක් සහිත පළපුරුදු පිරිසක් අපි එක්ක වැඩ කිරීම තමයි අපේ විශේෂත්වය. අපේ ආයතනය අනික්  ආයතන වලින් වෙනස් වෙන්නේ ඒ නිසා.

Events World ආයතනය සතු ධාරිතාව ගැන මෙතැනදී විශේෂයෙන් සඳහන් කරන්න වෙනවා නේද..?

ඔව්. අපේ systems ඔකොම digital මාධයෙන් තමයි සිද්ද වෙන්නේ. Lighting ගත්තොත් timing වලට Programme කරලා අවශ්‍ය වෙලාවේදී play කරන්න පුළුවන් වෙන විදිහට සියල්ල නවීන තාක්ෂණයට අනුකුලව තමයි සිද්ද වෙන්නේ. ඒ වගේම අපි ළඟ Lighting, Sounds වලට අදාලව දියුණුම තාක්ෂණික උපකරණ තියෙනවා. ඒ දේවල් අපිම Invest කරලා අරගෙන තමයි මේ වැඩ වලට ගන්නේ. Photography වලට අදාළ දේවලුත් එහෙමයි. Camera, Lances මේ සියල්ල අපි ළඟ තියෙනවා. අපි වැඩ කරන්නේ ඒ නවීන තාක්ෂන්නික උපකරණ එක්ක. ඒ වගේම මේ අලුත් තාක්ෂණික උපකරණ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික දැනුම අපේ team එකට තියෙනවා. ඒ දැනුම තියෙන Technicians, Operators කණ්ඩායමක් අපට ඉන්නවා. ඒක තමා අපට තියෙන ලොකුම Strength එක. Large scale event එකකට අවශ්‍ය කරන සියලු උපකරණ, තාක්ෂණික දැනුම සහ ශිල්පින් අපේ ආයතනය සතුයි.

 ඔබේ ආයතනය හරහා සැපයෙන සේවා මොන විදිහද..??

මෙහෙමයි. අපි දැන් වෙද්දී fully event management  Company එකක් විදිහට වැඩ කරනවා. මොකක් හරි Company එකකට හෝ Client කෙනෙකුට අවශ්‍ය නම් මුළු event එකම අරගෙන අපි ඒ event එකේ A to Z සියළුම දේවල් කරනවා. එතකොට event එක සම්පුර්ණ අපි design කරන්නේ. event designing කියන්නෙත් වෙනමම විෂයක්. එකත් ලංකාවට ගත්තහම අලුත් එකක්. එහෙම creative event designers ලංකාවේ හරි අඩුයි. ඒ නිසා ඒ සියල්ල එක්ක සම්පුර්ණ event එකම අපට කරන්න පුළුවන් කම තියෙනවා. ඊට අමතරව තව කාටහරි තමන්ගේ event organizer කෙනෙක් ඉන්නවා නම් එහෙම අයට අවශ්‍ය සේවා සැපයීමත් අපට කරන්න පුළුවන්. එතැනදී Sounds, Lights, Stage backdrop, Stage set-up, Designing, Music (DJ/ Band), Photography, Video Production, Stall designing & mounting මේ වගේ සේවා එකක් හෝ කිහිපයක් විදිහට සැපයීමත් අපේ ආයතනයෙන් සිදු කෙරෙනවා. ඊට අමතරව මම මුලින්ම කිවුව වගේ Wedding decorations පැත්තට අපි විශේෂයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. Wedding එක සාම්ප්‍රදායික රටාවන් එක්ක හෝ modern විදිහට එහෙමත් නැත්නම් Customize designing එකකට හෝ කරගන්නත් අපේ ආයතනයෙන් හැකියාව තියෙනවා. තව විශේෂිත කොටසක් තමයි Light installation කියන එක. විශේෂයෙන්ම හෝටල්, resturents, වගේ ආයතන වල creative lights install කරන වැඩෙත් අපි දන් කරගෙන යනවා. අනික් කාරණේ බොහොමයක් ආයතන වල sounds system ඒ කියන්නේ PA systems install කරන කටයුත්ත. එකත් අපි දැන් පටන්ගෙන තියෙනවා. මේ සියලු සේවාවන් එකට Package එකක් විදිහට හෝ එකින් එක වුනත් සපයන්න Events World සුදානමින් ඉන්නවා.

මේ ක්ෂේත්‍රයේ සාමාන්‍ය තියෙන මතයක් තමයි events කරන Companies අධික මිළක් අය කරනවා කියන එක. මේක ගැන මොකක්ද ඔබේ අදහස..?

මට කියන්න පුළුවන් අපේ costing ගැන. අපි ළඟ ඔනෑම වැඩකට විවිධ මිළ ගණන් යටතේ Packages තියෙනවා. සේවාව ලබාගන්න කෙනාට දැරිය හැකි මිළ ගණන් යටතේ අපට සපයන්න පුළුවන් උපරිම සේවාවන් ඇතුලත් කරලා ඒ Packages හදල තියෙනවා. එතකොට client අපි එක්ක මේ ගැන කතා කරලා සාකච්චා කරලා වැඩේ උපරිම සාර්ථකව කරගන්න අවශ්‍ය කරන විදිහේ දෙපාර්ශවයටම වාසිදායක වන budget එකක් දෙන්න අපට හැකියාව තියෙනවා. අපි එක්ක මෙතෙක් වඩා කල බොහෝ දෙනා අපේ අයකිරීම් ගැන වගේම සේවය ගැනත් උපරිම තෘප්තිමත්. ඒ නිසා Events World අපි එක්ක වැඩ කරන පාරිභෝගිකයින්ට ඔය ගැටලුව ඇති නොවන බව මට වගකීමෙන් කියන්න පුළුවන්.

ඔබේ ආයතනයේ ඕනෑම උත්සවයක් ප්‍රසංගයක් හෝ වෙනත් කවර අකාරයේ උත්සවයක් වුවද සාර්ථකව නිර්මානශිලිව සහ සාධාරණ මිලක් යටතේ මෙහෙයවීමට Events world සමග හැකියාව ලැබේවි. www.eventsworld.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයෙන් ඔවුන්ව සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙනවා. එසේ නොමැති නම් 0117278095 හෝ 0777664425 අංකය අමතිමෙනුත් ඔවුන් සම්බන්ධ කරගත හැකියි. වඩා සාර්ථක ලෙසින් සහ නිර්මානශිලිව ඔබට අවශ්‍ය සියලු සේවාවන් සැපයීමට Events World සුදානම්.  

Read more...

හෙට ලෝකයේ අද පුරවැසියෝ

 
ලෝකයේ නූතන දැනුම ශ්‍රී ලංකාවාසින්ගේ ඇඟිලි තුඩට ගේන්නයි අපේ උත්සාහය 
 
                                                                                        තරිඳු සචින්ද අබේවර්ධන - IT Configz 
 
 
 "අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" එහෙම කිව්වේ කුමාරතුංග මුණිදාසයන්. ඒ ප්‍රකාශයට පවා දශක ගණනාවක් ගෙවී අවසන්. නමුත් ජාතියක් විදිහට මේ නිෂ්පාදන ක්‍රියාවලියේ කොතනද අපි ඉන්නේ කියන එක සැබෑම ගැටළුවක් වෙලා. තමන්ගේ මුළු ශක්තියම යොදවමින් නව නිර්මාණ බිහි කරත් එතනින් ඔබ්බට ඒවාට සිදු වන දේ පිළිබඳව ශ්‍රී ලංකාවේ තියෙන්නේ එතරම්ම සුබවාදී චිත්‍රයක් නෙවෙයි. විශේෂයෙන්ම නිර්මාණය යට ගැසිමක් හෝ නිර්මාණකරුවා වෙනත් රටකට අලෙවි වීම ඉතිහාසය පුරාම දක්නට ලැපෙන දෙයක්. වටපිටාව මෙහෙම වෙද්දි ශ්‍රී ලංකාව තුල ඉඳගෙන තමා ලබා ගත් දැනුම හරහා නව නිර්මාණ බිහි කරන්න උත්සහ කරන, ඒ නිර්මාණ පිළිබඳවත්, පොලොව පිළිබඳවත් විශ්වාස කරන තරුණ පිරිසක් හමුවෙනවා. නූතන ලෝකයට සරිලන තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවාසින්ගේ දොරකඩට ගෙනයන නිර්මාණ බිහිකරන්නයි ඔවුන්ගේ උත්සහය. මේ ඒ කණ්ඩායමේ මෙහෙයුම් ප්‍රධානියා සමඟ කල කතා බහ. 
  • මුලින්ම සරලව කියන්න මොකද්ද මේ ITConfigz කියන්නේ?
    ITConfigz කියන්නේ අපි අපේ Team එකට යොදාගත්ත නම. දැන් අපි ඒ නමින්ම ආයතනයක් විදිහටත් එකතු වෙලා ඉන්නවා. මේක අහඹු එකතු වීමක් නෙවෙයි. තොරතුරු තාක්ෂණ විශය හදාරලා ඒ විශයෙත් තව උප විශයන් පිළිබඳව විශේෂිතව හදාරමින් උපාධිධාරීන් වුන කිහිප දෙනෙක් එකතු විමක්. මූලිකවම අපේ අරමුණ වෙන්නේ ලෝකයටත් අළුත් ලංකාවටත් අළුත් Concepts හඳන්වා දීම. අපි ලබා ගත් විශය දැනුම හරහා අළුත් Experiments කරමින් තමයි ඒ වැඩේ අපි කරන්න සූදානම් වෙන්නේ. ඒ Team එක තමයි ITConfigz කියන්නෙ. රජිත මධුසංක,ප්‍රනිත් විජේකෝන්, විරාජ් රාජපක්ෂ සහ මම එකතුවෙනුයි මේ කණ්ඩායම නිර්මාණය වෙන්නේ. 
  • ලංකාවේ බහුතරයකට තියන මූලික ප්‍රශ්ණය අපේ System එක වැඩ කරන විදිහ. මේ System ඇතුලේ නව නිර්මණකරුවෙකුට, පර්යේෂකයෙකුට තියන පිළිගැනීමත් සහයෝගයත් දෙකම අඩුයි. මේක අභියෝගයක් නෙවෙයිද?
    පැහැදිලිවම ඔව්. ලොකු අභියෝගයක්. නමුත් ඒ අභියෝගය බාරගන්න අපි ලෑස්තියි. අභියෝගයක් වීමත් හොඳයි කියලා අපි හිතනවා. එතකොට අපේ Fight එකත් ලොකු වෙනවා. ඒ කියන්නෙ Capacity එක වැඩි වෙනවා සහ Strong වෙනවා. අපේ රටේ විවිද ක්ෂේත්‍ර වල අළුත් සොයාගැනීම් කරන අය ඕනිතරම් ඒත් මාධ්‍ය හරහා උනත් ඒ නිර්මාණ එළියට ගේනවද, ඒවා ඇගයීමකට ලක් වෙනවද කියන එක ලොකු ප්‍රශ්ණයක්. එහෙම තත්වෙකයි අපි අපේ නිර්මාණ මේ සමාජයට අතාරින්නේ. එකම එක විශ්වාසයක් විතරයි අපිට තියෙන්නේ. අපි අවුරුදු ගානක් කරපු Study එක හරහා ලබාගත් දැනුම. ඒක Practically Use කරන එකයි මේ කරන්නේ. ඉතින් මෙතනදි එන අභියෝග ඔක්කොටමත් අපි Team එකක් විදිහට මුහුණ දෙනවා. 
  •  සියළු අභියෝග අතරතුරත් ඔබ සහ ඔබේ කණ්ඩායම ලබාගත් ජයග්‍රහණ තියනව. ක්ෂේ්‍ත්‍රයේ යම් කතාබහකට ලක් විය හැකි නිර්මාණ ඉදිරිපත් කරලා තියනවා. එහෙම නේද?
    ඔව්. මුලින් කිව්ව වගේම අභියෝග අතරේ උනත් අපි IT Industry එකට අළුතෙන් හඳුන්වා දෙන්න පුළුවන් Concepts ගැන පර්යේෂණ අත්හදාබැලීම් කරමින් ඉන්නවා. ඒ අතර සාර්ථක උන Product කිහිපයක්ම තියනවා. සාමාන්‍යෙයන් සෞඛ්‍ය ක්ෂේත්‍රය හරි වෙනස් කේෂ්ත්‍රයක හරි අළුත් සොයාගැනිමක් කලහම ඒක ගැන කතාබහ වෙනවා වැඩියි. නමූත් IT Industry එක ඇතුලෙදි එළියට එන Product එක Product එකක් විදිහට පාවිච්චි කරනවා මිස ඒකේ Process එක ගැන ලොකු අවධානයක් නැහැ. ඒක නිසාම සමහර නිර්මාණ එළියට නොදා ඉන්න සිද්දවෙනවා. නමුත් අපේ Try එක නම් හැමවෙලාවකම දෛනික කටයුතු පහසු කරගන්න IT ක්ෂේත්‍රය භාවිතා කල හැකි විදිහ සොයා බලමින් ඒකට අවශ්‍ය Product එළියට දැමීම.
  • මේ විදිහට කෙරුණ අළුත්ම නිර්මාණය වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට එකම විදිහට වැදගත් බව ඔබ කියනවා
    ඔව්. මේක අපි නම් කලේ Easy Med නමින්. මේක Mobile එකේ Tablet එකක හෝ Computer එකක පාවිච්චි කල හැකි Software එකක්. වැදගත්ම දේ තමයි මේක තනියම වගේම සමූහයක් විදිහටත් පාවිච්චි කර හැකි වීම. ඒ හැම එකක්ම එකකට එකක් Link කිරීමේ හැකියාවත්, වෙනත් උපකරණයක්, උදාහරණයක් විදිහට Printer එකක් එක්ක Link කිරීමේ හැකියාවත් තියනවා. මේක අපි Introduce කරන්නේ මූලිකවම වෛද්‍ය වරුන් වෙනුවෙන් සහ රෝහල් සඳහා. 
    දෛනිකව රෝගීන් පරික්ෂා කිරීමේ කටයුතු වඩාත් පහසු සහ කාර්යක්ෂම විදිහට කරගැනීමේ හැකියාව ලබා දීමයි මේකෙන් සිදුවන්නේ. 
  • දෛනික කටයුතු වඩාත් කාර්යක්ෂමව වෙන්නෙ කොහොමද?
    ආකාර කිහිපයකින් ඒක සිද්ද වෙනවා. මේ App එක හරහා රෝගියාගේ සියළුම තොරතුරු වාර්ථාගත කොට වෛද්‍යවරයා සතුව තබා ගැනීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් ලෙස, රෝග නිශ්චය වාර්ථා, බෙහෙත් තුණ්ඩු වගේ හැමදේම පරිගණක ගත වීම මූලිකවම සිද්ද වෙනවා. ඒ වගේම රෝගියෙක් බෙහෙතක් ගන්න ආවා කියලා අපි උපකල්පනය කලොත් ඒ රෝගියාගේ නම යටතේ අදාල Personal Data, ඊලගට වෛද්‍යවරයා විසින් නිර්ණය කරගත් රෝග තත්වය ගැන විස්තර, ලබා දෙන බෙහෙත් වට්ටෝරුව, පරීක්ෂණ තියනවනම් ඒ පිළිබඳ වාර්ථා ඇතුළු මේ සියල්ලම පරිගණක ගත කොට තබාගත හැකි වීම විශේෂත්වයක්.  
    මේ ක්‍රමයේ ප්‍රධාන වාසිය යම් රෝගියෙක් මුලින් බෙහෙත්ලබා ගත් පසු නැවත වසරකින් පමණ වෛද්‍යවරයා වෙත නැවත පැමිණියත් මේ App එකට නම ඇතුලත් කල සැනින් සියළු වාර්ථා ලබා ගත හැකි වෙනවා. රෝගියගේ පැත්තෙන් මේක විශාල සේවයක්. විශේෂයෙන් පරීක්ෂණ වාර්තා දත්ත සහ රෝග තත්වයන්ගේ විස්තර රැගෙන පැමිණිය යුතු නොවීම. මොකද ඒ සියල්ලම වෛද්‍යවරයා සතුව තියෙනවා.  
    ඒ වගේම ස්භාවික ආපදාවකදී වගේ හේතුවකදී උදාහරණයට මෑතකදී පැමැණි ගංවතුර උවදුර ගත්තොත් එහිදී බොහෝ රෝගීන්ගේ පරීක්ෂණ වාර්තා සහ රෝග හා බෙහෙත් පිළිබඳ වාර්ථා බොහොමයකට හානි පැමිනුනා. නමුත් මේ ක්‍රමයේදී ඒ දත්ත සියල්ල අන්තර්ජාලය තුළ පිලිවෙලට ගබඩා කර ගබා ගැනෙන නිසා රෝගීන්ට තමන්ගේ රෝගය පිළිබඳ නිවැරදි වාර්ථා ලබා ගැනීමට හැකීවීමත් විශේෂ සේවයක් ලෙස සලකන්න පුළුවන්. විශේෂයෙන්ම මෙහිදී යම් රෝගියෙක්ට වෛද්‍යවරයා වෙත නොපැමිණ උවත් තමන්ගේ රෝග වාර්ථා පිළිබඳ අධ්‍යයනයක් සිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

    ඒ වගේම වෛද්‍යවරයාගේ පැත්තෙන් ගත්තහම මේකේ වාසි බොහොමයක් තියනවා. කලින් කිව්ව වගේ රෝගීයාගේ විස්තර සේරම Database එකේ තිබීම සහ ක්ෂණිකව ඒවා ලබා ගැනීමට හැකිවිම වෛද්‍යවරයාට ලොකු පහසුවක්. ඒ වගේම මේකේ Fully Drug Database එකක් අන්තර්ගත කර තියෙනවා. ඒ නිසා Prescription ලියද්දි පවා ලොකු පහසුවක් වගේම තමන් ලඟ තියන සහ ඉවරවෙන Drugs ප්‍රමාණ ගැන මෙන්ම යම් බෙහෙත් ද්‍රව්‍යයක් අවසන් වෙන විට ඒ පිළිබඳ දැනුම්දීමකුත් අවශ්‍යනම් වෛද්‍යවරයාගේ අවශ්‍යතාවය අනුව එම බෙහෙත් ස්‍පයන්නා සම්බන්ධ කරගැනීමකුත් මේ හරහා සිදු වෙනවා. රෝග නිශ්චයෙන් පසුව System එකට අදාල බෙහෙත් වට්ටෝරුව Enter කලාම බෙහෙත් නිකුත් කරන තැනට ඒක Update වෙනවා. එසැනින් Prescription එක චෙක් කරලා බෙහෙත් Issue කරන්න පුළුවන්. ඒ වගේම Cashier එක තියෙන්නේ තවත් තැනකනම් එතනටත් අදාල Records Update වීම මඟින් සියළුම කාර්යයන් පහසු කරනවා.  

    ඊලඟට මේක Hospital එකකට හෝ Medical Center එකක් Use කරද්දි Stock ඉවර වෙද්දි Oder කරන Automate Reorder System එකක් මෙහි අන්තර්ගත වෙනවා. මේ සියල්ලම නිසා වෛද්‍යවරයාගේ පැත්තෙන් ගත්තත් මේක ලොකු පහසුවක්. ඒ වගේම Hospital එකක හෝ Medical Center එකක වැඩ කරන කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෙනම් Attendance Mark කරන Sheet එකක් මෙන්ම ඒ මඟින් ඔවුන්ගේ මාසික වේතන Automated Payment System එකක් මඟින් Generate වීමත් ආයතනය තුල ඇති සියළු ආදායම් සහ වියදම් ගණනය කර ගැනීමට හැකිවීමත් ඒවා අවශ්‍ය ආකාරයකට විශ්ලේෂණය කර තොරතුරු ලබා ගැනීමේ හැකියාවත් මෙම මෘදුකාංගය සතු වෙනවා. තව බොහොමයක් අමතර Features මේ App එකේ අන්තර්ගත කොට තිබෙනවා.  

  • මේක තාක්ෂණික කාරණයක්. සමහර තාක්ෂණික මෙවලම් භාවිතය එතරම් පහසු නැ. කොහොමද Easy Med තත්වය?
    නැ. මේක ඉතාම සරලයි. භාවිතය ඉතාම පහසුයි. අනිත් කාරණය මේකේ Special ක්‍රමවේදයක් නෑ. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන Software එකකදි තියන දේවල් තමා මේකෙත් තියෙන්නේ. ඒක නිසා භාවිතය ගැන කිසිම ගැටළුවක් නෑ. අනිත් එක කාට හරි භාවිතයේ ගැටළු ඇති වෙනවනම් අපි නොමිලේම මේ පිළිබඳ සියළු දැනුම සහ අවශ්‍ය Video Tutorials ලබා දිමත් ලබා දීම සිදු කරනවා. 

  • Easy Med ගැන උනන්දු වෛද්‍යවරයෙක් ඉන්නවනම් මේ තියන පහසුකම් ලබා ගත හැකි විදහ ගැනත් සඳහන් කල යුතුමයි. 
    මෙහෙමයි, ඕනිම තාක්ෂණික මෙවලමක් නිර්මාණයෙන් පසුව ඒක පරීක්ෂණ කාල සීමාවක් පසු කළ යුතුමයි. මේකත් එහෙමයි. මේක නිර්මාණය කරලා වෛද්‍යවරුන් භාවිතයෙන් අපගේ පර්යේෂණ කටයුතු මේ වන විට වසර දෙකක් පසු කොට තිබෙනවා. එම නිසා සෑම සියළු වෛද්‍ය ක්ෂේත්‍රයකදිම ඇති වෙන ගැටළු වලට සාර්ථක පියවර අපි සොයාගෙන තියෙනවා. අපි මෙය වෙළඳ පලට නිකුත් කලේ වසර දෙකකට ආසන්න ඒ පර්යේෂණ ක්‍රියාවලියට පසුවයි. 

    මේක ලබාගැනීමට හෝ විස්තර දැනගැනීමට කාට හෝ අවශ්‍යනම් www.easymed.itconfigz.com කියන වෙබ් අඩවියට යන්න පුළුවන්. එහෙම නැත්නම් 077 00 888 03 හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. කියන Email එක මඟින් සම්බන්ද වෙන් පුළුවන්. 
    වෛද්‍යවරයෙකුට වගේම රෝහලකටත් දැන් මේ සහසුකම ලබා ගැනීමේ හැකියාව තියනවා. මේ Software එක මිලදී ගන්න වෛද්‍යවරයාට හෝ ආයතනයට එහි පූර්ව සේවාව ලබා ගැනීමේ දැනුම ලබා දීම සහ අලවියෙන් පසු සේවය කියන කරුණු තුනටම අපි ඉතා වගකිමෙන් බැඳී සිටින බවත් කිව යුතුමයි. 

  • අළුත් දේවල් ගැන පරීක්ෂණ කිරීමෙන් ඔබ්බට තවත් මොනවද ඔබේ කණ්ඩායම  කරන්නේ?
    ආයතනයක් විදිහට අපි අළුත් නිර්මාණ තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයට ඉදිරිපත් කිරීම තමයි මූලිකවම කරන්නේ. හේතුව මම මුලින් කිව්ව වගේ ලෝකයේ IT Industry එක පුදුම වේගෙකින් Update වෙනවා. ඊට සාපේක්ෂව ලංකාවේ එහෙම වෙනවද කියන එක ගැටළුවක්. ඒ ගැන කතා කරද්දි ලංකාවත් ලෝකයත් අතර  ලොකු Gap  එකක් තියනවා කියලයි අපි හිතන්නේ. ඒ Gap එක Fill කරන්න අළුත්ම Concepts එකතු කරන්නයි අපේ Try එක. නමුත් ඒ දේවල් ඉදිරියට ගේන්න ලංකාව ඇතුලේ තියෙන ඉඩ ගැන නම් ඇත්තටම ගැටළුවක් තියනවා. මම දන්න විදිහට විද්‍යා හා තාක්ෂණ ඩිජිටල් තාක්ෂණ ආමාත්‍යංශ පවා තියනවා. එහෙම වෙලත් Industry එක මේ තරම් හෙමින් ගමන් කරන්නේ ඇයි කියන එක ප්‍රශ්ණයක්.
  • Industry එක Update වෙන්නනම් මිනිස්සු Update වෙන්න ඕනි නේද?‍
    පැහැදිලිවම ඒක හරිම කණගාටුදායක තත්වයක්. මිනිසුන් Update නැති වීම බරපතල ගැටළුවක්. මෙතනදි විතරක් නෙවෙයි රටක් විදිහට සමස්තයම ගත්තහමත් ඒක තමයි තියන ගැටළුව. අතේ Smart Phone තිබ්බට ඔළුව Smart නෑ. Update නෑ. හරිම Traditional සහ විවෘත නැහැ. හිතන්නේ ඉන්නේ කන්නේ බොන්නේ සේරම කොටුවක් ඇතුලේ විරතයි. එතනින් එහා ගැන හිතන්නෙම නෑ. මෙච්චර ලෝකේ විවෘත වෙලා ඇඟිලි තුඩටම ගෙනත් තියනවා. හැබැයි ඒ කිසිම දෙයක් පලදායී විදිහකට පාවිච්චි වෙනවද කියන එක ගැටළුවක්. Technology කොච්චර දියුණු උනත් ඒක හරියට Use වෙන්නේ නැත්නම් මම හිතන්නේ අපරාදේ. තමන් වැඩ කරන ක්ෂේත්‍රය ගැනවත් අවම වශයෙන් Update වෙනවනම් ලංකාව ලෝකෙට මිට වඩා විවෘත වේවි. මොකද මං හිතන විදිහට මේකට ප්‍රධාන හේතුවක් විදිහට ලංකාවේ මිනිස්සුන්ගේ මේ Technology ගැන තියන බයත් ලොකු හේතුවක්. ඒත් අපි දැන ගන්න ඕනි, පිහියක් අතේ තියන මිනිහෙක් ඒකෙන් මනුස්සයෙක් මැරුවත් පලතුරක් කපාගෙන කෑවත් ඒ දෙකටම පිහිය වැරදි නැති බව. එය භාවිතා කරන්නා තුලයි ඒ නිවැරදිතාවය හෝ වැරදිතාවය තියෙන්නේනේ.

    ලෝකයට විවෘත වුනු තාක්ෂණික දියුණව ලඟා කරගත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඔවුන්ද සුබ සිහින දකිමින් සිටී. පලායාම අතහැර පැවතීම තෝරාගනිමින් නව නිර්මාණ බිහිකිරීමට උත්සහ දරන තරුණ පරපුරක් සවිබලකරණයෙන් පමණක්ම අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

    වැඩි යමක් අවශ්‍යනම්..... 
    දුරකතන :- 077 00 888 03
    Easy Med වෙබ් අඩවිය :- www.easymed.itconfigz.com
    Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

           සංවාදය හා සටහන : නිසංක වෙහෙරදුව

Read more...

ජාතියක් හැටියට අපි කෙළවගෙන ඉවරයි - නදී වාසලමුදලිආරච්චි

Subject එකෙන් එහාට - නදී එක්ක කතාබහක්

නදී වාසලමුදලි ආරච්චි කියන නම මේ රටේ ටෙලිවිෂන් බලන මිනිස්සු අතරට එන්නේ දැනට දශක දෙකකට පමණ ඉහතදී. රාධාන් ටැලන්ට් ෆැක්ටරි සිරස ටීවී හරහා නිෂ්පාදනය කළ වැඩසටහන් කිහිපයක ඉදිරිපත් කරන්නීය වුනේ නදී. ඒ වගේම ප්‍රවෘත්ති නිවේදිකාවක්, වැඩසටහන් නිස්පදිකාවක් විදිහටත් නදී ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ වැඩ පෙන්නපු චරිතයක්. කාලයත් එක්කම නදී තමන්ගේ හැකියාවන් එක්ක තව ක්ෂේත්‍ර කිහිපයකම "වැඩ කරන්නියක්" බවට පත්වෙනවා. ලිවිම ඉන් ප්‍රධානයි. නවකතා ද්විත්වයක් සහ කවි පොත් ද්විත්වයක් ඇය නිර්මාණය කරනවා. මේ සියලු කාරණාවන්ට අමතරව ඇය සමග සමාජ දේශපාලනික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඇතිවුන කතාබහක් අද "කතාබහ" විශේෂාංගය තුලින් ඉදිරිපත් කෙරෙනවා.

ඔබ කාලයක් මාධ්‍ය ඇතුලේ වැඩ කිඩ පෙන්නපු කෙනෙක්. කාලයක් ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසත් වැඩකළා. වර්තමානයේ මේ මාධ්‍ය වල ප්‍රවෘත්ති වාර්ථාකරණය හැසිරවීම සහ භාවිතය ගැන මොකද හිතෙන්නේ...??

මෙහෙමයි. media කියන්නෙම ධනවාදයේ tool එකක්. එතකොට එක හැසිරෙන්නේ ඒ අවශ්‍යතාවයට. මම මේක සමස්තයක් විදිහටයි දකින්නේ. මේක අද විතරක්ම නෙමෙයි, එදත් තිබුන තත්වයක්. හැබැයි මේක දැන් වෙද්දී ඉතා දරුණු තැනකට ඇවිත් තියෙනවා. Media ethics කියල දෙයක් ඇත්තෙම නැති තරම්. තරුණ පරපුර කොයි තරම් පක්ෂග්‍රාහී හෝ ආදානග්‍රාහිද කියන එක ගැන පුදුමත් හිතෙනවා. ලඟදි මගෙත් එක්ක කතා කරපු තරුණ පරම්පරාවේ journalist කෙනෙක් කියනවා "Who cares media ethics, එක හරි පරණ සංකල්පයක්නේ කියල. මම ඇත්තටම දන්නේ නෑ කවද්ද ethics කියන ඒවා ලෝකේ antique උනේ කියල. ඉතින් ඔන්න ඔහොම තත්වයක් තියෙන්නේ. දෙවැනි කාරණේ මේ මිනිස්සු news කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ. News එකක් සහ Prediction එකක් අතරෙත් වෙන මොකක් හරි report එකකත් එකිනෙකට වෙනස් ලක්ෂණ හුඟක් තියෙනවා. ලඟදි දවසක ජාතික පුවත්පතක් news එකක් ගහල තිබුනා දුමින්ද සිල්වා හිරෙන් පනින්න ගියපු කතාවක් ගැන. දැන් මේකේ මොකක්ද තියෙන accuracy එක. එක්කෝ පොලිසියේ, රහස් පොලිසියේ හෝ වෙනත් වගකිවයුතු නිලධාරියෙක්ගේන් විමසීමක් කරලා ඒ ප්‍රකාශය code කරන්න ඕනේ, එහෙම නැතුව කාගෙහරි හිතලුවක් News එකක් විදියට කොහොමද පත්තරේක ගහන්නේ, අනික් ආසන්නම උදාහරණයක් මට මතක් වෙන්නේ ජයලලිතා ජෙයරාම් අසාධ්‍ය තත්වයට පත්වුණ වෙලාවේ ලංකාදීපය ඒක වාර්තා කළ විදිය. "ජයලලිතා පණ අදී" කියල. මට හිතාගන්නවත් බෑ කොහොමද කෙනෙක් තමන්ගේ පෑනෙන් ඒ වගේ හෙඩින් එකක් ලියන්නේ කියල. පැවතිය යුතු අවම සදාචාරය වත් මේ media වල දැන් නෑ. News value කියන ඒවා නෑ. තුන්වෙනි කාරණේ වෙබ් කියන්නේ එකක්. Main stream media කියන්නේ තව එකක්. වෙබ් එකකදී ඕනෑ මඩක් ඕන gossip එකක් ලිවුවා කියමුකෝ. එත් ජාතික පුවත්පත් කොහොමද ඒ තැනට වැටෙන්නේ. ඒවාට ජාතික වගකීමක් තියෙන්න ඕනේ. මේ මිනිස්සු news කියන එකේ fundermentals වත් දන්නවද කියල සැකයි. මේක ඉස්සරත් නොතිබුනා නෙමෙයි. නමුත් වර්තමානය වෙද්දී ඒක භයානක තැනකට ඇවිත්. පහුගිය කාලේ BBC එක CNN එක ඇතුලෙත් මේ තත්වය අපි දැක්ක. විශේෂයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේ. ඉතින් ඒකයි මම මුලින්මත් කිවුවේ මේක ධනවාදයේ tool එක, එක හැසිරෙන්නේ ඒ system එකේ අවශ්‍යතාවය අනුව තමයි. නමුත් ලංකාවේදී මේක හරිම ඛේදවාචයක්.

ඔබ මේ වෙද්දී පොත් කිහිපයක් රචනා කරලා තියෙනවා. කවි සහ නවකතා. මේ සියල්ලමත් එක්ක ඔබව කියවන කෙනෙකුට ඔබේ රචනා ශෛලියේත් ඔබ තෝරාගන්නා තේමාවන්ගේත් යම් වෙනසක් අහුවෙනවා. මේ වෙනස මොකක්ද..? එක වෙන්නේ කොහොමද..

පොඩි කාලේ ඉඳලම හැමෝම කියවන පොත් වලට අමතරව වෙනත් දෙයක් කියවන්න මට කැමැත්තක් තිබුනා. මොකක් හරි Inspiring point එකක් අහුවුනාම එක දිගේ යන පුරුද්දක් මට තිබුනා. බොහොම පුංචි කාලේ ඉඳන් මම ගෙදරින් පිට නැවතිලා ඉස්කෝලේ ගියේ. ඒ කාලේ ඒ දැනුන තනිකමත්, ගෙදර අයගේ ආදරය නොලැබීම නිසා ඇතිවුන හිඩැසත් මකාගන්න මම කලේ කියවන්න ඇබ්බැහි වුන එක. මම නැවතිලා හිටපු ගෙදර ලොකු පොත් රාක්කයක් තිබුණා. ඒකෙ තිබුනේ රුසියානු සාහිත්‍යයේ බොහොම ප්‍රසිද්ධ කෘති.  මම ඒවා කියවන්න පටන් ගත්තේ ඉස්කෝලේ යන  කාලේමයි. මට මුකුත් තේරුනේ නෑ. එත් ඒකෙ මොකක්දෝ අමුතු colour එකක් tone එකක් feeling එකක් තියෙනවා කියල දැනුනා. ඒ නිසා තමා මම දිගටම ඒවා කියෙවුවෙ. වානේ පන්නරය ලැබූ හැටි, පෙරලුනු නැවුම් පස, අම්මා වගේ කෘති මම කියෙවුවෙ ඒ කාලේ. ඕක තමා පළවෙනි කාරණේ. ඊට පස්සේ මම X කණ්ඩායමේ ප්‍රකාශන කියවන්න පටන් ගන්නවා. ඒවත් ඒ කාලේ මට තේරුනේ නෑ තමයි. එත් කියවගෙන යන්න interesting. මම දිගටම කියෙවුවා. එතන තමා මගේ base එක. ඉතින් දැන් මම යමක් ලියද්දි හෝ කතා කරද්දී නිතැතින්ම ඒ style එක මතු වෙනවා. මම කියන්නේ නෑ මම ලියන ඒවායේ මහා ලොකු වෙනසක් තියෙනවා කියලවත් ඒවා මාරයි කියලවත්. එත් යම් tone එකක් තියෙනවා කියල නම් මටත් දැනිල තියෙනවා. මම විශ්වාස කරන තව දෙයක් තියනවා. රචකයෙක් සාමාන්‍ය සමාජය හෝ පාටකයාට වඩා layers කිහිපයක් උඩින් ඉන්න ඕනේ තමන්ගේ රචනාවන් කරද්දී. ඉතින් මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ආපහු ඒක මා විසින් සමාජයට දෙන්නත් අවශ්‍යයි. මගේ පොත් වල තියෙන වාක්‍ය යට තව ගොඩක් දේවල් තියනවා. layers කිහිපයක. ඉතින් කාටහරි මේක තේරෙන්නේ නෑ කියනවා නම් එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. අනික් එක අපි පොතක් ලියද්දි ඒක target කරන්නේ maas එකට නෙමෙයි. එකට selected crowed එකක් ඉන්නවා. categorize කිරීමක් කරලනේ අපි ලියන්නේ. ඉතින් එතකොට ඔය කියන තර්ක එච්චරම අදාළ නෑ.

ප්‍රේමය සමග ඩොක්සාවට එරෙහිව සහ ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව, ඔබේ කවි පොත් ද්විත්වය ගැන විශේෂයෙන් කතා කළ යුතුයි.

එක නම් catachresis එකක්ම තමයි. මම සාමාන්‍යයෙන් ලියන කෙනෙක් නෙමෙයි. මට මගේ ඇතුළෙම ගැටුමක් තියෙනවා. මම හිතන දේ, Society එකට ගියහම මම දකින දේ, සහ reality එක අතරේ ලොකු gap එකක් තියෙනවා. මේ gap එක නිසාම මට ඇතිවෙන හැඟීම, ඒ වේදනාව පිට දැමීමක් විදිහට තමයි මගේ මේ කවි පොත් එළියට එන්නේ. හැබැයි මම කොහෙවත් කවියෙක් කියල සඳහන් වෙන්නේ නෑ. මම එහෙම කියන්නෙත් නෑ. මගේ ලියවිලි කවි නොවෙන්න පුළුවන්. මම කවි follow කරන කෙනෙකුත් නෙවි. මට ඒ structures අදාලත් නෑ. මට කවියෙක් විදිහට stable වෙන්න උවමනාවකුත් නෑ. මට කියන්න ඕනෑ දේවල් ටිකක් තියෙනවා. මම ඒක කියනවා. එච්චරයි. හැබැයි මම තදින් විශ්වාස කරන දෙයක් තියෙනවා, මේ පොත් දෙක කවදමහරි දවසක මිනිස්සුන්ට කියවන්න සිද්දවෙනවා කියල. මොකද මම මේ පොත් දෙකට 100% අවංකයි. ගැහැණියක් විදිහට මම කොහොමද සමාජයට මුහුණ දුන්නේ සහ ඒක දිහා ආපහු හැරිලා බලද්දී කොහොමද දකින්නේ කියන එකට මේ පොත් දෙක සාක්ෂියක්. ඉතින් මේ විදිහට මම තව පොත් දෙක තුනක්ම ඉස්සරහට යයි. එච්චරට දේවල් තියෙනවා මට එළියට දාන්න.

දැන් කවිය හරිම ජනප්‍රිය මාතෘකාවක්. කවියෝ බිහි වෙන්නේ හතු පිපෙන ගානට. මාසෙකට කවි පොත් තොගයක්ම එළියට එනවා. මේ සිදුවීම ඔබ කොහොමද දකින්නේ ..? මේක සාහිත්‍යයේ ප්‍රගමනයක්ද? නැත්තන් fasion එකක්ද?  මොකක්ද..???

බොහොම ප්‍රසිද්ද pop artist කෙනෙක් වුන Andi Warhol කියනවා අනාගතේ දවසක ඕනෑම කෙනෙකුට විනාඩි 15ක් ජනප්‍රිය වෙලා ඉන්න පුළුවන් කියල. ඉතින් හරිනේ. මේ තියෙන්නේ. කවි පොත් පොඩියි. cost එක අඩුයි. ලේසියි. ඉතින් පොතක් කරලා කවියෙක් කියල title එකක් දාගන්න එක simple. ඔකේ තව කොටසකුත් තියෙනවා. කවිය අපට ඉතාම සමීපයි. නැළවිලි ගියේ ඉඳලම කවිය අපිත් එක්ක බැඳිලා තියෙනවා. එක හරි. ඉතින් ඒ rythem එක හැමෝගෙම ඇඟේ තියෙනවා. එක නිසා හැමෝම කවියට සමීපයි. එත් වැඩේ කියන්නේ මේක ප්‍රවණතාවක් වෙලා නෑ.  හේතුව අපි ඒකට වැඩ කරලා නෑ. මම කියන්නේ ඔය කවියෝ කියන අය බහුතරයක් තක්කඩි. ඔය කවි ලියන මිනිස්සුන්ගේ ඇතුලේ ඒ කවි වල තියෙන ආදරේ සෙනෙහස වගේ දේවල් සැබෑ ජිවිතේදීත් තියෙනවා නම් මේක මාරයි. ඒත් එහෙම වෙන්නේ නෑ. බහුතරය නිර්මාණයට අවංක නෑ. එදා ජන ගී කියපු මිනිස්සු එක කලේ අවංකවමයි. පාරුව පැදගන්න බැරි වුනහම, මහන්සිය දැනුනහම, දුක හිතුනහම, පාළුව තනිකම දැනුනහම, ඒ හැඟීම් කවි විදිහට පිටකලා. ඒවායේ ව්‍යාජත්වයක් තිබුනේ නෑ. නමුත් දැන් කවි ලියන බොහොමයකගේ තියෙන්නේ popular වෙන්න නමක් හදාගන්න උවමනාවක් විතරයි. ඒක තනිකරම තක්කඩි කමක්. නිකමට හිතන්නකෝ කරත්තේ දක්කන ගොනාට මහන්සි ඇති කියල හිතල උගේ දුකට තමන්ගේ දුක එකතු කරලා බොහොම සානුකම්පිත කවියක් කියන මිනිහෙක් මොන තරම් අවංක හැඟීමකින් ඒක කරලා තියෙනවද කියල. නමුත් අද...?? ඔන්න ඔතනයි මම ප්‍රශ්න කරන්නේ, මම මිට කලිනුත් කීප සැරයක් කියල තියෙනවා. කලාකාරයෝ කියන්නෙම තක්කඩි. හිතන්නකෝ සිගිරි කුරුටු ගී ගැන. අපි අද දවසේදී මේ සිගිරි ගී විශ්ලේෂණය කරනවා. සමාජ විද්‍යාඥයෝ, විශ්ලේෂකයෝ, පුරා විද්‍යාඥයෝ මේ හරහා එදා තිබුන සමාජ දේශපාලන වටපිටාව ගැන අදහස් ලබාගන්නවා. එදා සමාජයේ ලක්ෂණ, හැඩය, ව්‍යුහය මේ විමර්ශන ඇසුරින් විග්‍රහ කරනවා. නිකමට හිතන්න තව සියවස් දෙකකින් විතර අද මේ තක්කඩි ලියන කවි කියවල ඒ ඇසුරින් ඒ කාලේ බිහිවන සමාජ විශ්ලේෂකයෝ වාර්තාවක් හැදුව කියල, එක මොන තරම් ප්‍රෝඩාවක්ද..? මවා පෑමක්ද..? බොරුවක්ද..? අන්න එකයි මම කියන්නේ, නිර්මාණයට අවංක වෙන්න, තක්කඩිකම් කරන්න එපා. එකේ විනාශය එන්නේ අද නෙමේ, දැන් බලන්න දෙමළ ජනයා ගැන අපේ අය ලියන මාර කවි කියවන අනාගත පරම්පරාවට හිතෙන්න පුළුවන් මේ මොකක්ද, කිසි අවුලක් තිබිල නෑනෙ, මේ සිංහලයෝ මොන තරම් අන්‍ය ජාතින් වෙනුවෙන් කපවෙලාද, එතකොට මේ දෙමළ ජාතිය ආයුධ අරන් තියෙන්නේ බොරුවට නේද” වගේ එකක්. අයි ඉතින් ඒ තරම් මානුෂිය සාධාරණ හැඟීමෙන්නෙ නිර්මාණ කෙරෙන්නේ, ඔන්න ඕකයි තක්කඩිකම.  තව දෙයක් තියෙනවා, කොළඹ කේන්ද්‍රීය art මාෆියාව. ඕක ඇතුලේ පවතින්න නම් මොකක්ම හරි තක්කඩිකමක් කරන්නම වෙනවා. ඉතින් ඔන්න ඕකයි තත්වය.

ඔබත්, ඔබේ රචනා සහ අනික් ක්‍රියාකාරකම් සියල්ලත් දේශපාලනිකයි. ඔබේ දේශපාලන පසුබිම ගොඩනැගෙන්නේ කොහොමද?

මගේ දේශපාලනය .... හ්ම්ම්....... එක මුලින්ම ගොඩනැගෙන්නේ මම කිවුව වගේ රුසියානු සාහිත්‍ය පොත පත එක්ක. ඒවා පරිශිලනයත් එක්ක තමයි මට කිසියම් මතවාදයක් ගොඩනගාගන්න හැකිවෙන්නේ, දෙවනුව X කණ්ඩායමෙන්. ඉස්සර මට මතකයි රුසියානු කෘති වගේම සඟරා වගේ දේවලුත් මට කියවන්න ලැබුනා. ඒ සියල්ල එක්ක තමයි කිසියම් දේශපාලනික අදහසක් මට ඇතිවෙන්න පටන් ගත්තේ. එක තමයි මුල. නමුත් මම වාමාංශිකයෙක් නෙමේ. එක පැහැදිලිවම කිව යුතුයි. ලංකාවේ පැරණි වම කරමින් යන දේ මම කිසිසේත් අනුමත කරන්නේ නෑ. එක හරි විකාරයක්. කාල් මාක්ස් අදහගෙන ඉඳල හරියන්නේ නෑ, update වෙන්න ඕනේ, වාමාංශික ව්‍යාපාරය යාවත්කාලින වෙන්න ඕනේ, එහෙම බැරිනම් ඉතින් ඔය වම තියෙන්න ඕනේ කටුගේක. මම වම විශ්වාස කරනවා තමයි. හැබැයි මම capitalism වලට පුර්ණ ප්‍රතිවිරුද්ධ වාදියෙක් නෙමෙයි. මම ඔය දෙකම අතරේ ඉන්න කෙනෙක්. එහෙම නැතුව පරණ වමේ එල්ලිලා ඉන්න වවුලෙක් නෙමෙයි. system එකක් change වෙන්නේ නැතුව update වෙන්නේ නැතුව, කාටවත් කිසිවක් සමග ඉදිරියට යන්න බෑ කියලයි මම විශ්වාස කරන්නේ, ඒ නිසා මේ යන ගමන ගිහින් නම් කොහොමටවත් ගොඩ යන්න බෑ. ගොඩයාමක් පේන්නෙවත් නෑ. පොත පත කියවීමෙන් වම විශ්වාස කරනවට අමතරව මම ඉගෙන ගන්නේ economics & management.. එතකොට මට ඒ subject වල theory හරහා තව පැත්තක් පෙන්න ගන්නවා. ඒ නිසා මම කියන්නේ මේක ඇතුලෙම කරකවන්න පුළුවන් දේවල් ටික කරලා අලුත් structures වලට යන එකයි විසඳුම. ඕක තමයි මගේ vision එක. එහෙම නැතුව දැන් විප්ලවය අලුතින් පටන් අරගෙන අරගල කරලා දිනාගෙන ගොඩයන්න හිතනවා නම්, එක විහිළුවක්. මේ වෙද්දී මේ සමාජ දේශපාලන ව්‍යාපාරයන් නිසා අපි පරම්පරා තුනක් බිලි දීල තියෙනවා. ඉතින් මන් අහන්නේ මේ මදිද..? තව ඕනෙද..?

පොදු සමාජයේ තියෙන බොහොමයක් වෘත්තීන්ට ගැහැනියක් වීම නැත්තම් “ගැහැණුකම” අභියෝගයක් කියල මතයක් තියෙනවා. ඒක ඇත්තටම එහෙමද? මොකක්ද ඔබේ අදහස..?

නැහැ. මෙහෙමයි. කාටහරි හිතෙනවා නම් challenge එකක් තියෙනවා කියලා, ඒ challenge එක ගැහැණුකම නිසා නෙමෙයි. capacity එක නැතිකම. capacity එක හෝ knowledge එක නැති වුනහම ඒ අයට ගැහැණුකම පාවිච්චි කරන්න වෙනවා. ඒ දෙකම නැතුව ගිහින් ඒ අඩුව වහගන්න ගැහැණුකම පාවිච්චි කරලා ඊට පස්සේ “බුදු අම්මෝ මෙන්න අපට අසාධාරණ වුනා, අතවර වුනා” කියල කෑගහල වැඩක් නෑ. හේතුව skillful නොවීම. ඔය කියන ලෝකේ දැන් නෑ. ඒක ඉවරයි. දැන් තියෙන්නේ knowledge network එකක්. ඒකට ඇතුල් නොවුනොත් වැඩක් නෑ. පවතින්න බෑ. එතනයි ගැටලුව තියෙන්නේ. තමන්ට capacity එක නැතුව සම තැන ඉල්ල ඉල්ලා ඉඳල වැඩක් නෑ. fight එකක් තියෙනවා තමයි. හැබැයි එක ගැහැණුන් උදෙසා විශේෂිත එකක් නෙමෙයි. ඒක පිරිමි අතරත් තියෙනවා. ඕනෑම සමාජ පන්තියක තියෙනවා. විසඳුම දැනුමින් හැකියාවෙන් සන්නද්ධ වීම. එහෙම නොවුනොත් “ස්වභාවික වරණයට” ලක් වෙනවා. skillful වුනොත් survive වෙන්න පුළුවන්. challenge එක තියනවා. හැබැයි එක gender base ප්‍රශ්නයක් නෙමේ. cultural ප්‍රශ්නයක්.

සංස්කෘතියේ වැඩි බලපෑම ගැහැණියට නෙමේද...??

කොහෙත්ම නෑ. කවුද කියන්නේ... විෂය හදන්නේ පිරිමි. එක තියෙන්නේ පිරිමින්ගේ අතේ. සංස්කෘතිය කියන සංකල්පය හදල ඒක රකින්න ගැහැණියට බාර දෙනවා. සදාචාරය සංස්කෘතිය රැකිය යුත්තේ ගැහැණිය විසින්ය කියල හදල දීල තියෙනවා. ඕකට කවුරුහරි ගැහැණියක් අභියෝග කලොත්, අන්න එතැනදී පිරිමියාගේ අභිමානයට දැඩි පහරක් එල්ල වෙනවා. පිරිමියාගේ ලෝකේ විනාශ වෙනවා. අන්න එතනයි ගැටලුව. ඔතනදි ඇත්තටම ගැහැණිය පිරිමියාට අභියෝගයක් වෙනවා. සංස්කෘතිය කියන්නෙම practice එකක්නේ. ඉතින් පිරිමියා හදපු මේ සංස්කෘතික සංකල්ප ගැහැණිය විසින් practiceකරමින් ඉන්නවා. හේතුවක් තියෙනවා. ඒ තමයි ගැහැණිය object එක වීම. වටිනාකමක් ලබන්න ඕනෑම කෙනෙක් කැමතිනේ, identity crisis එකක් තියෙනවා ඕනෑ කෙනෙකුට. ඉතින් subject එක උන පිරිමියා object එක වුන ගැහැණියට බාරදෙනවා සංස්කෘතිය රකින්න. “මෙන්න මේක ඔයා රකින්න, එතකොට society එකේ ඔයා මාර පොරක්” කියලා. ඉතින් ගැහැණිය ඒක බාරගන්නවා. එතකොට වැඩේ හරි. පිරිමියාගේ අවශ්‍යතාව ඉටුවෙනවා. මම අහන්නේ ඇයි ඉතින් බාරගන්නේ...? ඒක බාරගෙන ඒකේම විඳවමින් ඊට පස්සේ “අපිට මේ system එක ඇතුළේ තැනක් නැහැ, පීඩාවට පත්වෙලා” වගේ ඒවා කියල තේරුමක් නෑ. මම කියන්නේ deuty එක බාරගන්න එපා. බාර නොගෙන challenge කරන්න. හැබැයි එක ලෙහෙසි නෑ. මෙතැනදී මම තව දෙයක් කිව යුතුමයි. මේ විදිහට මේ system එකේ කොතනකටහරි කෙනෙක් challenge කරනවා නම්, එක නිකම්ම කරන්න බෑ. ඒ වෙනුවෙන් වැඩ කරලා තියෙන්න ඕන. society එක වැඩබිමක් කරගෙන කාලයක් වැඩ කරලා කිසියම් ශක්තිමත් වටපිටාවක් එක්ක විතරයි මේ challenge එක කළ යුතු. එහෙම නැතුව නිකම් රෙද්ද කඩාගෙන පාරේ යන්න ගියොත් ගල් ගහන එක ගහනවාම තමයි. අපි ප්‍රශ්න කරන්නේ, challenge කරන්නේ සංස්කෘතියට නෙමෙයි. ආගමට නෙමෙයි. එකේ practice එකට. කෝ කොහෙද තියෙන්නේ කියලයි අපි මේ අහන්නේ. එක නිවැරදිව තේරුම් ගත යුතුයි මුලින්ම. විෂය තේරුම් ගත යුතුයි. මේවා හඳුනා නොගෙන අනවශ්‍ය තැන වලින් ප්‍රශ්න කරමින් challenge කරමින් හිටියොත් කෙලවෙනවම තමයි.

විවාහය ගැහැණියට ආභරණයක්ද..?

නැහැ. ගැහැනියකට හෝ පිරිමියෙකුට විවාහය ආභරණයක් නොවේ. උපකරණයක්. විවාහය කියන්නේ රාජ්‍ය උපකරණයක්. රාජ්‍ය සංස්ථාව පවත්වාගෙන යන්න නිර්මාණය කරපු එකක්. මම මේක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. සම්පත් බෙදීයාම ශිෂ්ටත්වයට පැමිණිම වගේ පියවර වලදී මේක අත්‍යවශ්‍ය කාරණයක් වනවා. මේකේ ඊළඟ අවශ්‍යතාවය නම් ජනිතෘ රැකීම. වර්ගයාගේ පැවැත්මට ඒක අත්‍යවශ්‍යයි. මෙන්න මේක නිසයි යුගල සම්බන්ධතා ඇතිවෙන්නේ. මේ හරහා තමයි විවාහය කියන උපකරණය රජය මගින් නිර්මාණය කරන්නේ. ඒක කාටවත් ආභරණයක් වෙන්න බෑ. එළියේ තියෙන systems අපේ ජිවිත වලට බලපෑම් කිරීම සාමාන්‍යයිනෙ. සරලව ගත්තොත් දැන් ඔය හදල තියෙන්නේ පාරවල්. ඔයා මේකේ තමයි ඇවිදින්න ඕනේ, මෙතනින් තමයි හැරෙන්න ඕනේ, මෙතනින් නවතින්න ඕනේ, මෙහෙ තමයි cycling කරන්න ඕනේ, මෙතනින් එහාට යන්න තහනම් වගේ කියලනේ ඒවා හදල තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනෑ දේ තීරණය කරන්නේ එයානේ. අන්න ඒ වගේ. අපිව හසුරවන්න හදපු තවත් එක රාජ්‍ය උපකරණයක් තමයි ඔය කසාදෙ. ඔයා ඔය ප්‍රශ්නේ අහන්න හේතුවත් එළියේ එහෙම කතිකාවක් තිබීම වෙන්න ඇති. මිනිස්සු එහෙම හිතනවා ඇති තමයි. මුද්ද දාගෙන යන්නේ මාර ආඩම්බරයකින්නෙ. දැන් මොකක්ද මේ. ඒ මිනිහගේ ශුක්‍රාණු අයිතිය තියෙන්නේ මටයි කියලනේ ඔය කියන්නේ. මොකක්ද මේ..? අනුන්ගේ තියෙන දෙයක් නෙමේද මේ උස්සගෙන යන්නේ..? තමන්ට ඊට වඩා වටිනාකමක් තියෙනවනේ, මොකටද අනුන්ගේ බම්බුවක් කරගහගෙන යන්නේ? මේක රජයේ උපකරණයක් විතරමයි. පුද්ගලයෙකුට ඊට වඩා පෞද්ගලික වටිනාකමක් තියෙනවා. එක තේරුම් ගන්න කරුණාකරලා.

දේශපාලනයේ කාන්තා නියෝජනය ගැන ඔබේ අදහස....??

ඇත්තමයි. එකක් හොඳටම මදි. අනික ඉන්න ටිකත් ඉතින්......... අනේ මන්දා. මේක ඛේදවාචකයක්. හැබැයි මෙහෙමයි. ලංකාවේ මේ තියෙන දේශපාලන ක්‍රමවේදයේදී මේ මැතිවරණ ක්‍රමයත් එක්ක ගැහැනියකට fight කරන්න පුලුවන්ද කියල practical ප්‍රශ්නෙකුත් තියෙනවා තමයි. අනික politics, ධනවාදය, පාතාලය මේවා එකිනෙකට සම්බන්ධයිනේ. එහෙම තමයි system එක run වෙන්නේ. ඒ අස්සේ තව මේකේ සංස්කෘතියකුත් තියෙනවා. ඒකෙන් උගන්නල තියෙන්නේ අපේ ගෑණුන්ට සාරිය ඇඳලා කොන්ඩේ බැඳලා ඉන්නනෙ, අඩු ගානේ මොකෙක්හරි ගහන්න ආවොත් කකුලක්වත් උස්සන්න පුලුවන්ද ඕක ඇඳගෙන. ඉතින් ඔන්න ඔහොම ප්‍රශ්න පත්තරයක් එක්ක අපේ ගෑණුන්ට politics ඇතුලේ survive වෙන්න අමාරුයි තමයි. මොකද ඇත්තටම කිව්වොත් අපේ මේ system එකෙන්ම ගෑණු politics කරනවට විරුද්ධයි. ඇන්ජලා මාකෙල්ට , හිලරි ක්ලින්ටන්ට තියෙන බලය මෙහෙ ගැහැනියකට තියෙයිද..? ඒ system එකෙන් එකට මාර තල්ලුවක් තියෙනවා. එහෙමයි ඒ අය දේශපාලනිකව ස්ථාවර වෙන්නේ. මෙහෙ අපේ ලමයින්ටවත් එහෙම කිසිම support එකක් නෑ අලුතින් ගොඩනැගෙන්නවත්. කකුල් දෙක ඈත් කරලා වාඩිවෙන්න එපා කිවුවහම ඉතින් කොහෙද අභියෝග ජයගන්න ඔලුවක් හැදෙන්නේ එතනින් එහාට. ඕකනේ ඇත්ත තත්වේ. ඉතින් ඔය තත්වය යටතේ දේශපාලනයේ මේ කියන කාන්තා නියෝජනයේ ප්‍රමාණය සහ ස්වභාවය ලඟපාතකදී නම් වෙනස් වෙයි කියල හිතන්න බෑ.

සුළු ජාතීන්ගේ අයිතීන් ගැන කතා කිරීම අද හරි සුලභ දෙයක්. කලාව ඇතුලේ දේශපාලනය ඇතුලේ සාහිත්‍ය ඇතුලෙත් මේ ගැන කතා කිරිමේ ලොකු ප්‍රවනතාවක් ඇතිවෙලා. මොකක්ද මේ...?

මෙහෙමයි. ඇත්තටම සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ප්‍රශ්නයක් තියෙනවා තමයි. එක නැත්තේ නෑ. ඕක හැබැයි post modernism එක්ක එන කෑල්ලක්. ජාතින් වශයෙන් අනන්‍යතාවක් අවශ්‍ය වීම ලෝක ප්‍රවනතාවක්. ඉතින් මේවා ලෝක ප්‍රවණතාවන් වල කොටස්. ආසන්නම රට ඉන්දියාව. එක කැඩෙනවා කෑලි තුනකට. බංග්ලාදේශය හා පකිස්තානය. ඉතින් ඕවයේ බලපෑම මෙහෙටත් අනිවාර්යෙන්ම එනවා. දෙවැනි කාරණේ අපේ නිදහසෙන් පස්සේ පුරවැසි පනත ගෙනාපු වෙලාව. ඒ මොහොතේ ලංකා පාර්ලිමේන්තුවේ සිංහල මන්ත්‍රීවරුන්ගේ හැසිරීම බලන්න. ඊළඟට පාර්ලිමේන්තුවේ දෙමළ මන්ත්‍රීවරුන් වැඩි වෙද්දී සිංහල මන්ත්‍රීවරුන්ගේ හැසිරීම. ඒකෙයි පුරවැසි පනතෙයි සම්බන්ධෙ. රාජ්‍ය භාෂා පනත ගෙනාපු වෙලාවේ පාර්ලිමේන්තු සභිකයින්ගේ හැසිරීම. එතකොට අපට කියන්න පුලුවන්ද අපි මහා ජාතිය විදිහට වැරද්දක් කලේ නෑ කියල. ඓතිහාසිකව ලියවිලා තියෙද්දිත්. එහෙමනම් ඒක ඉතිහාසයෙන් වසන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතිහාසය ලියවෙන්නේ බලය තියෙන බලාධිකාරියේ අවශ්‍යතාවය අනුවනේ. ඉතින් ඒ කාලේ ඒ chapter එක අයින් කළා නම් අපි ඒවා දන්නේ නෑ. දැන් ඉතින් ඒ සේරමත් තියාගෙන බයිලා කියල තේරුමක් නෑ. පුරවසිභාවයේ පටන්ම ඒ අයගේ අයිතිවාසිකම් අහිමි වීමක් තියෙනවා. අදටත් තවමත් අපි වචනයෙන් හඳුන්වන්නේ පවා “සුළු ජාතින්” කියලමයි. එකෙනුත් ඒ අයට දෙන්නේ උඹල පහත් අපි ලොකුයි කියල හැඟීමක්. දෙමළ මිනිස්සුන්ව පෙන්න බෑ. “පර දෙමළු” කියල එළියේදී කියන්නේ. ඉතින් ඔහොම මානසිකත්වයක ඉඳගෙන “අනේ අපි නම් මුකුත් කරලා නෑ, අපි හොඳ බබ්බු” කියල ලැජ්ජාවක් නැතුව කියන්න මට නම් බෑ. මම කියන්නේ ජාතියක් වශයෙන් ජාතිකවම කෙලවගෙනයි අපි ඉන්නේ. දැන් මේ බොරු බයිලා බබා පාට් දාල තේරුමක් නෑ. සංස්කෘතිකමය ජාතිකමය වටිනාකම් සුන්නද්දුලි කරලා දාල, මතකයන් පවා විනාශ කරලා, උන් අපට ගැහුවේ නැත්තන් තමා පුදුම වෙන්න ඕනේ. ගෙවල් නෑ, සොහොන් නෑ, දෙමව්පියෝ නෑ, දරුවෝ නෑ, අඩු ගානේ photo එකක්වත් නෑ. අපි ළමයාගේ පලවෙනි කෙස් රෝදේ ඉඳල එකතු කරන ජාතියක්. එහෙම කරන ගමන් අනිකාගේ සියල්ල flat කරලා දාන්නේ කොහොමද.? ඉතින් අන්න ඒ නිසා මම හිතන්නේ නෑ අපි මාර අහිංසකයි කියල. දැන් මේ කතා කරන මම පවා ඒ මිනිස්සුන්ගේ කඳුලට අහිමිවීම් වලට වගකියන්න ඕනේ. සියලුම දෙනා වගකිව යුතුයි. එක්කෝ අපි කතා නොකර හිටිය. නිශ්ශබ්ධතාවයම අනුමත කිරීමක් හෝ අනුබල දීමක්නේ. නැත්තන් අපි motivate කළා එහෙම විනාශ කරන්න. බෝධිපුජා තිබ්බ, පිරිත් කිවුවා, හමුදාවට ආශිර්වාද කළා. මේ අපි... ඉතින්..? දැන් අනේ අපි නම් නෑ කියල බබා පාට දාන්න බෑ, සියලු දෙනාම වගකිව යුතුයි. අත පිහදාගන්න කාටවත් බෑ. අනික් කාරණේ යුද්ධෙන් පස්සේ අපි මොනවද ලඟාකරගත්තේ කියන එක.  අඩු ගානේ මේ සියල්ල අවසාන වුනාට පස්සෙවත් ඒ අයව  තේරුම් ගන්න ඒ අය ගැන හිතන්න try කරනවද? අපිත් නැගිටිමින් ඒ අයවත් නැගිට්ටවන්න එකට එකතු වෙන්න try කරාද? අපි එහෙම නැගිටින ජාතියක් නෙමේ කවදාවත්. කොච්චර chance තිබ්බත් එහෙම සහජීවනයෙන් එකතු වෙලා නැගිටිමු රටක් විදිහට ගොඩයමු කියල හැඟීමක් නෑ කාටවත්. ඔන්න ඕකයි තත්වේ. අර මම මුලින්ම කිවුව වගේ ආගමේත් සංස්කෘතියේත් practise එක නිවැරදිව නොකිරීම මත අපට සෑහෙන්න කෙළවිලා කියලයි මට නම් හිතෙන්නේ.

මානව හිමිකම් කියල දෙයක් තියනවද..? එක අපේ රටේ ආරක්ෂා වෙනවද..?

හරිම අපුරු ප්‍රශ්නයක්........ (සිනාසී) ප්‍රඥප්තියට අත්සන් කරාට මේකේ මානව හිමිකම් රැකෙනවා කියල මම නම් කියන්නේ නෑ. හැබැයි මේක මෙහෙ විතරක් නෙමේ. දියුණුයි කියන systems තියෙන යුරෝපයේත් මේ තත්වය තියෙනවා. නැත්තේ නෑ. ප්‍රංශයට ගියාම මිනිස්සුන්ව ගණන් ගන්නේ නෑ. ඉතාලියේ රෑ 7න් පස්සේ එළියට බහින්න බෑ. ඉතින් අපට වඩා දරුණු විදිහට මේ ප්‍රශ්න තියෙන රටවලුත් තියෙනවා. ඊශ්‍රාලය, සිරියාව, ඇෆ්ගනිස්තානය වගේ. ඒ නිසා අපි යම් තැනක ඉන්නවා කියන්නත් පුළුවන් ඒ රටවලට සාපේක්ෂව. ඕක පුද්ගලික ප්‍රශ්නයක් මට අනුව නම්. අපි හැම වෙලාවේම හිතනවා අපේ මානව හිමිකම් කවුරුහරි උල්ලංගනය කරනවා කියල. එත් ජාතියක් විදිහට අපි අනිකාගේ මානව හිමිකම් විනාසම කරලා තියෙනවා. එහෙම කරලා එක අදාළ නෑ වගේ ඉන්නවා. ඊට පස්සේ අහනවා කෝ අපේ මානව හිමිකම් කියල. එකෙකුට ගහන්න කකුලක් ඉස්සරහට තියද්දි දෙපාරක් හිතන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ. මොකද කවදා කොතනකදිහරි එකේ return එක හම්බවෙනවා. අපි civilization කරා යන ගමනේදී මේ human rights කියන්නේ එක tool එකක් කියලයි මම දකින්නේ. පරිනාමය වෙමින් යද්දී අපි අපටම ශික්ෂණයක් හදාගද්දී කරකවාගන්න තියෙන ඇණ වලින් එකක් තමයි මේ මානව හිමිකම් කියන්නෙත්. මේක මහා ලොකුවට ගන්න දෙයක් නෙමෙයි. සරලව ගත්තොත් මම අනිකාගේ සීමාවන් ආරක්ෂා කිරීම. මේක අන්න ඒ සරල තැනින් අරගෙන අනුගමනය කිරීම, පිළිගැනිම ඇතුලේ මගේත් අනිකාගේත් අයිතීන් ආරක්ෂා වෙනවා. එච්චරයි.

 සංවාදය සහ සටහන : නිසංක වෙහෙරදුව

Read more...
Subscribe to this RSS feed